පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ්‍යකාල වාර්තා (real-time records) ලෙස සැලකිය හැකි මූලාශ්‍ර ප්‍රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිත ය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් නොට්ටන ලද සෙල්ලිපි හැඳින්වීමටිවිරස්ථිතික යන යෙදුම භාවිත කළේ ය. එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි.
ඉනෝකා මන්තිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ශ්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජපවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ්‍රී ලංකාවේ සෙල්ලිපි පර්යේෂණ පිළිබඳ උනන්දුවන්නෙකුට ඒ සඳහා කල්පනා කිරීමට සරිලන නව ඉසව්වක් විවෘත කර තිබෙන නිසා ය. ඕනෑම කාලයක දීපුද්ගලයෙකු විසින් භාවිත කරන අභිධාන, ධුරාවලි නාම, ආදි දේ සංකේතාත්මක ය. ඉන් සන්නිවේදනය කරන විවිධ අරුත් තිබිය හැකි ය. ප්‍රායෝගිකව දුෂ්කර වුවත්, ඒවා විකේතනය කිරීම යනු ඉතිහාසය වටහා ගැනීමට ඉවහල් වන, වැදගත් ප්රවේශයකි. කතුවරිය මෙම කෘතියේ දී ඊට මූලික පියවරක් ගෙන තිබේ. මෙරට ඉතිහාසයේවිසූ පාලකයින්ගේ අඅන්වය පිළිබඳ තවමත් නොවිසඳුනු ගැටගළු කිහිපයක් තිබේ. අනාගතයේ දී ඒවා විසදීමට අරමුණුකර ගන්නා පර්යේෂකයෙකුට මෙම කෘතිය යම් ආදර්ශයක් සපයනු ඇත යන්න මගේ විශ්වාසය යි. සෙල්ලිපි ගැන උනන්දු වන සාමාන්‍ය පාඨකයෙකුට මෙවැනි කෘති මගින් අගය කළ යුතු මෙහෙයක් ඉටු කරනු ඇත.
Sri Lankeya Brahmi Shila Lekhanavalin Helivana Devanampiya MahaRajavaru - ශ්‍රී ලාංකේය බ්‍රහ්මි ශීලා ලේඛනවලින් හෙළිවන දේවානම්පිය මහරජවරු
- Publisher: Ravana Pusthaka sanrakshnagara prakashakayo
- Categories:
- - History - ඓතිහාසික
- - Inoka Damayanthi Manthilaka - ඉනෝකා දමයන්ති මන්තිලක
- - Books Published in 2026 - 2026 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246363079
- Availability: Available
-
Rs. 690.00

