• Suwanda Soyana Kusuma - සුවද සොයන කුසුම

ඇය නමෙහි අරැතට ගැලපෙන ලෙසම අවිහිංසක බවේ ප්‍රතිමූර්තියක් ව උන්නාය.

"මෙන්ඩේ"

සූඩාන කඳුකරයේ වසන කුඩා මුවපොව්වන් හඳුන්වන නමයි ඒ. දෙමාපියන්ගෙන් ඇයට ඒ නම උරැම වූයේ ද ඇගේ තිබූ අවිහිංසක ගතිපැවතුම් නිසාමය.

මෙන්ඩේ නසීර් කතාව ඇරඹුමේදී සූඩානයේ නියුබා කඳු ආශ්‍රිතව ගෙවුනු සිය සුන්දර ලමාකාලය වෙත අපව කැඳවාගෙන යයි. එතැන් සිට අපද ජීවත් වන්නේ නියුබා කඳු ආශ්‍රිතව වූ මෙන්ඩේ ගේ සහ ඇගේ පවුලේ ඇසුරෙහි ය.
සූඩාන නියුබා කඳුකර ගම්මානයක දිවිගෙවීම යන මැයෙන් වෙනමම පරිච්ඡේදයක් ලිවිය හැකි තරම කෘතිය තුළින් මෙන්ඩේ සිය ගම සහ ඒ ආශ්‍රිත පරිසරය සජීවීකරණයට ලක් කරයි.
මෙසේ ගෙවෙන අතිශය සොඳුරු ලමා විය එක්තරා මූසල රැයකින් නිමාවට පත් වීමට තරම් මෙන්ඩේ ගේ ජීවිතය තුල අවාසනාව ගැබ්ව තිබිණි.
ඉන් ඉදිරියට දිගහැරෙන්නේ ඒ කතාවයි.
රැදුරැ ත්‍රස්තවාදය ලොවපුරා සාමාන්‍ය ජනයා පෙළන අයුරු අප හොඳහැටි දනිමු. ඒ අපටද එවැනි අඳුරු අත්දැකීම් හොඳහැටි විඳ ඇති බැවිනි.
අන්තවාදී මුස්ලිම් කණ්ඩායම ක ප්‍රහාරයකට ලක්ව පසුව වහල් භාවය පිණිස කුඩා දරැවන් පැහැරගෙන යන ක්‍රමයක් සූඩානය ඇතුළු එවැනි තවත් මුස්ලිම් අන්තවාදී ග්‍රහණයට ලක් වූ රටවල දකින්නට ලැබේ. එවැනි ඛේදවාචකයන්ට ගොදුරු වූ සමස්ත ලමා පරපුරම නියෝජනය කිරීමකි

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha