• Ukusu Dadayama - උකුසු දඩයම

වියයුතු පරිද්දෙන්ම පස් හැවිරිදි දැරියක වූ සූසාන් ට අභ්‍යාස බලා සිටිමේ උනන්දුව හීන වී තිබිණි.

කුඩා දඬු පාලමෙන් එහා පැත්තට ගිය දැරිය පෙණ පිඬු නංවමින් ගලා යන ගංදියට අතේ ඇති බෝනික්කාගේ දෙපා ඔබමින් සිනාසුණාය.ආරක්ෂක වැට එක්වරම කැඩී වැටුණේ දැරියගේ හිස පහතට සිටින සේ ඇය ගංදියේ ගිල්වමිනි.

පියතුමා හා පිරිමි ළමයා දැරිය ගංදියේ නොපෙනී යන්නට පෙර හැරී බැලූහ.

වෙරිකර් පියතුමා අඩියක් හෝ ඔසවන්නට පෙර ඇය පාලම යටින් ගසාගෙන යනු පෙනින.ග්‍රෙහැම් දැරිය අල්ලා ගන්නට පැන්නේ සිතා බැලීමකින් තොරවය.එහෙත් ඒ මොහොතේ සියල්ල උඩුකුරුව ගිය බව පෙනිණි. දැරියගේ ගවුම් කෙලවරක් අල්ලා ගැනීමට සමත් වූ ග්‍රෙහැම් පතුලට පා ගසන්නට වෙහෙසුණේ නැගී සිටින්නටය. එහෙත් ඔහුට නැගී සිටින්නට ඉඩක් නොදී ගං ජලය ඔහු වේගයෙන් හරස් බැම්ම දෙසට ගෙන යනු දැනුන විට බියට පත් ළමයා කෑ ගසන්නට වූයේය. කලබලය කුමක් දැයි සොයා බලන්නට ස්ටෙයිනර්ගේ මිනිසුන් පැමිණෙන අතර ජල පහර ළමුන් දෙදෙනා හරස් බැම්ම මතින් ජල රෝදයේ වල වෙත ගෙන ගොස් තිබිණි.

සාජන් ස්ට්‍රම් ජල රෝදයේ කරකැවෙන වල වෙත දිව ගියේ අත තිබූ ආයුධ වීසි කරමිනි. පියාසර ජැකට්ටුව ඉවත් කරන්නටද ඔහු කාලය වැය කලේ නැත.ඒ වන විටත් ඇගේ ගවුම අත් නොහැර සිටි ග්‍රැහැම් හා සුසන් බිහිසුණු ඉරණමකට මුහුණ දී සිටියහ.

ඔවුහු අනුකම්පා විරහිත ජල පහර මතින් වේගයෙන් කරකැවෙන රෝදය කරා ඇදගෙන යන්නට විය.ස්ට්‍රම් වතුරට පැන්නේ කිසිදු පැකීලීමකින් තොරවය.ඉනක් ගැඹුරු ජල කඳ සමඟ සාජන් ස්ට්‍රම් මෙන්ම පසුපසින් එන බ්‍රාන්ට් ද පොර බඳනු පෙනේ.සාජන්ට් ස්ට්‍රම් ග්‍රැහැම් ගේ අතින් අල්ලා ගන්නට සමත්ව සිටියේය.ළමයා අල්ලා ගන්නවාත් සමඟම එක්වරම ඔහුගේ හිස මොහොතකට ජලයේ ගිලී ගියේය.බෙහෙවින් කලබලයට පත් ග්‍රැහැම් මරු විකල්ලෙන් පයින් ගසමින් දගලන්නට වූයේය.අල්ලාගෙන සිටි සූසන්ගේ ගවුම් කෙලවර ග්‍රැහැම්ගේ අතින් ගිලිහී ගියේද හරියටම ඒ මොහොතේදීය. සාජන් ස්ටම්, ග්‍රැහැම් රවුමක් කරකවා බ්‍රාන්ට් ගේ දෝතට වැටෙන්නට වීසි කර සූසන් හඹා යන්නට වූයේය.සූසන් සිටියේ පෙණ පිඬු නංවමින් කරකැවෙන දිය සුලිය මැදය.

හිස ඔසවා ගත් ඇය බෙරිහන් දෙමින් කෑ ගෑසුවාය.සාජන් ස්ට්‍රම් ඇගේ ගවුම් කෙලවරින් අල්ලා ගන්නා විටද සූසන් සිටියේ බෙරිහන් දෙමිනි.ළමයා ඇද පපුවට තුරුල් කර ගත් සාජන්ට් වරයා සිට ගන්නට ගත් උත්සාහය, බිල්ල තමා ළඟට ඇඳ ගන්නට ජල කඳ දරණ උත්සාහයෙන් පරාද වී ගියේය.ළමයාද සමඟ දිය යටට ඇඳ ගනු ලැබූ සාජන් ස්ට්‍රම්, ඊළඟ මොහොතේ උඩට මතුවූයේ සිත් පිත් නැති ජල කඳ සමඟ කරන සටන වේගවත් කළයුතු බව අවබෝධ කර ගෙන විය යුතුය.ජල රෝදයේ ගෙරවීම මැඩ ගෙන ඇසෙන ශබ්දය දෙසට හිස හැරවූ සාජන් ස්ට්‍රම් දුටුවේ ඉවුර උඩ සිටි සිය සඟයින් පිරිමි ලමයා අල්ලාගත් බවයි..ළමයා බාරදුන් බ්‍රාන්ට් ජල කඳ පීරමින් තමා සිටි දෙසට එන බවයි.ඒ බිහිසුණු තත්පරයක කාලය තුල තමා සතු සියලුම ශක්තිය කැටි කර ගත් ‘කාල් ස්ට්‍රම්’ බ්‍රාන්ට් ගේ දෝතටම වැටෙන්නට සූසාන් ඔසවා වීසී කරන්නට සමත් වූයේය.ඊළඟ මොහොතේ ජල පහර, ඔහු තමා වෙතට ඇද ගත්තේ මහා හඬින් කැරකෙන ජල රොදයට සාජන් ස්ට්‍රම්ගේ ඉරණම භාර දෙන්නට ය.

නලල මත වූ කුඩා කැලලක් හැරෙන්නට ස්ට්‍රම්ගේ සිරුරේ කිසිදු තුවාලයක් පෙනෙන්නට තිබුණේ නැත.

එයාට මොකද වෙරිකර් ඇසුවේය...? පියාසර ජැකට්ටුව ඇද ඉරා දැමූ බ්‍රාන්ට්, ස්ට්‍රම්ගේ කමිසය යටින් අත රිංගවා හද ගැස්ම පරීකෂා කළේය.මේ සියල්ල අතරම තමන් සිටිනුයේ කොහේද යන්න බ්‍රාන්ට් මොහොතකටවත් අමතක කළේ නැත, ස්ටෙයිනර් දෙස බැලූ ඔහු කතා කලේ පැහැදිලි ඉංග්‍රීසියෙනි.

කරන්න දෙයක් නෑ සර්' එයාගේ හිස් කබල කුඩු වෙලා.ලෝකයම නතරවූ ඒ මොහොතේ නිහැඬියාව බින්දේ ග්‍රැහැම් වයිල්ඩ් විසිණි.බලන්න තාත්තේ අර යුනිෆෝම් එක පෝලන්ත කට්ටිය අඳින්නේ ඒවාද කියාය. කලබලය නිසා බ්‍රාන්ට් යලි කිසිදා සකස් කල නොහැකි වරදක් කර තිබිණි.

ඉරා විවෘත කල පියාසර ජැකට්ටුව යටින් කාල් ස්ට්‍රම් තමන්ගේ නිල ඇඳුම ඇඳ සිටියේය .ඔහුගේ පපුවේ දකුණු පැත්තේ ජර්මන් ගුවන් හමුදාවේ නිල සංකේතය වන පියාසර විහිදා ගත් උකුසු රුව ‘ලුෆ්ට්වෙෆ් ඊගල්’ යන්න සටහන්ව තිබින.ඊට යටින් රතු, සුදු හා කළු පටි වලින් ස්ට්‍රම් අයන් ක්‍රොස් පදක්කමේ දේවනි පෙළ පදක්කම් ලාභියකු බව සංකේතවත් කර තිබිණි.ඒ හැරෙන්නට ඔහු පපුවේ දකුණු පැත්තේ වින්ටර් වෝ පීත්ත පටිය, පැරෂුට කරුවෙකුගේ නිල සංකේතය, තුවාල ලැබූවන්ගේ රණ ශූර පීත්ත පටියද පැලඳ සිටියේය පියාසර කබායට ඇතුලින් හිම්ලර් කියූ පරිද්දෙන්ම සම්පූර්ණ නිල ඇඳුම...

‘මගේ දෙයියනේ’ වෙරිකර්ට කෙඳිරි ගෑවුණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ukusu Dadayama - උකුසු දඩයම

  • Rs. 690.00

  • KBOOKS Cashback Rewards: 69

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ridee Tharu Viyana Yata - රිදී තරු වියන යට

Ridee Tharu Viyana Yata - රිදී තරු වියන යට

ඔයාගේ විස්තර කොහොමද ජෙනිෆර්? අර ඌරු පොත ගැන මට දැනගන්න ලැබුණා. ඒ වැඩේ හරි ඉහළයි. මං දැනගෙන හිටියා ..

Rs. 380.00

Sagaraya Parada - සාගරය පරදා

Sagaraya Parada - සාගරය පරදා

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමිසමේ ප්‍රධාන ප්‍රකාශිකාව වන මෙලිස්සා ෆ්ලෙමිං විසින් ලියන ලද ..

Rs. 500.00