• Vijayaba Kollaya - විජයබා කොල්ලය

අසංග උප සෙනෙවි වනාහි පස් විසි වියෙහි සිටි , රූමත් තරුණයෙකි. ඔහු මුහුණ නිතර රැඳුණු සිනහවකින් හා අවංක පෙනුමකින් යුක්තය. එහෙත් මේ වේලේ ඒ සිනා මුසු බව කොයිබ ගියාද කියා නැති තරමට දුක් මුසු විය. ඔහුගේ දුක් මුසු මුහුණ නීලමනිය විසින් දක්නා ලද පළමුවන වතාවය.

නීලමනිය දුටු කෙනෙහි අසංගයන්ගේ මුහුණේ දුක් මුසු බව යට පත් විය. ලැජ්ජාව මතුවිය. ඔහු සිනා සෙන්නට වෑයම් කළද පෙර පුරුදු අවංක සිනාව මතු කර ගත නොහැකි විය.

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප‍්‍රථම සිංහල නවකතාව - සිරියලතා - උත්පාද කිරීමෙන් සතළොස් (17* වියේදීම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ එ්බ්රහම් සිල්වා, 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පන්තියේ පවුලක උත්පත්තිය ලැබුවේය.
‘නවකතා චක‍්‍රවර්තී’ ඩබ්ල්යු. එ්. සිල්වා නමින් විරුදාවලී ලත් මේ මහා නවකතාකරුවාගේ ‘විජයබා කොල්ලය’ නවකතාවට පසුබිම වන්නේ 1505 පෘතුගීසි ආක‍්‍රමණිකයා ලංකාවට පැමිණි මුල් යුගයයි. මේ පසුබිමේ ති‍්‍රකෝණ පෙම් කතාවක්ද නිරූපිතය. අසංග, නීලමණී සහ නයනානන්ද සිංහල නවකතා රසිකයන් අතර අතිශය ජනපි‍්‍රය චරිත තුනකි.
මෙම චිත‍්‍රපටය ජනගත කිරීමට සමාන්තරව, විජයබා කොල්ලය නවකතාවේ පළමුවන සරසවි මුද්‍රණය නිකුත්වීම, සිංහල සිනමා ඉතිහාසයේ විරල අවස්ථාවකි. මෙම කෘතිය විශේෂ සමරු මුද්‍රණයකින්ද සමන්විතය.
මුලින්ම සිංහල චිත‍්‍රපටයකට නැගුණේ ඩබ්ල්යු. එ්. සිල්වා අමරණීය නවකතාවක් වූ ‘කැලෑහඳ’ නිර්මාණය වීමද අපූරුවකි. තවත් විරල සිදුවීමක් වන්නේ ඩබ්ල්යු. එ්. සිල්වා ලියූ ‘විජයබා කොල්ලය’ මුලින්ම ප‍්‍රකාශිත වූ 1938 අවුරුද්දේ සිට මේ ගෙවෙන 2019 අවුරුද්ද වන විට මේ නවකතා නිර්මාණය බිහිව වසර 81ක් ගෙවී තිබීමයි. එ් කියන්නේ ‘විජයබා කොල්ලය’ සියයක් අවුරුදු පසු කිරීම නියත බවද?
-----------
”අවංකවම, හෘදයසාක්ෂියට එකඟවම කියන්නේ නම් නවකතා කියවීමේ උත්තේජනය අපට මුලින්ම ලබා දුන් නවකතාකරුවා වන්නේ ඩබ්ල්යු. එ්. සිල්වා ය. බහතෝරන වියේදී අප ඇසූ කතන්දරවල ආහ්ලාදය වර්ධනීය ලෙස වෙනස් මාත‍්‍රාවකින් අපට ලබාදුන්නේ ඔහු ය. ඩබ්ල්යු. එ්. සිල්වාගේ නවකතා කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ බලපෑම් නොකළේ නම් ඔහුට ‘නවකතා චක‍්‍රවර්තී’ නාමය හිමි වන්නේද නැත.
ඩබ්ල්යු. එ්. සිල්වා නවකතා චක‍්‍රවර්තී ලෙස පිළිගැනුණේ ඔහුගේ නිර්මාණ පාඨක සිත්සතන් තුළ මවා පෑ එ් පරිසමාප්ත අභූතපූර්ව ලෝකය හේතුවෙන් බව නිසැකය.
ඩබ්ලියු. එ්. සිල්වාගේ නවකතා අපට සම්පාදනය කරන්නේ ආනන්දය පමණක් නොවේ. මනුෂ්‍යත්වය ගැඹුරු පතුලේ සැඟව ඇති උදාරත්වයද ඔහු සිය චරිත ඔස්සේ විශද කරයි. එසේ කරන්නේ ප‍්‍රචාරකවාදීවද නොවේ.”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Vijayaba Kollaya - විජයබා කොල්ලය

  • Rs. 1,050.00

  • KBOOKS Cashback Rewards: 60

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Lensuwa - ලේන්සුව

Lensuwa - ලේන්සුව

ඩබ්ලිව් ඒ සිල්වා විසින් රචිත කෙටි කතා සංග්‍රහයකි. ..

Rs. 700.00

July Hatha - ජූලි හත
Kala Hada - කැලෑ හඳ

Kala Hada - කැලෑ හඳ

මාලනියගේ ආදාහනය ඇයගේ ජන්ම භූමියේම ජෝන් ජයපාලගේ විශේෂ පරිශ්‍රමයෙන්ද ග්වුරවයෙන්ද සිදු කරන ලදී ..

Rs. 650.00

Deiyange Rate - දෙයියන්ගේ රටේ

Deiyange Rate - දෙයියන්ගේ රටේ

"ඔව් ! දන්නවද තාත්තා , මගුල් කපුවා මා ගැන ඔහුට කියලා තියෙන කතා ?" "නැහැ" "ඔහුට මගුල් කපුවා කියල තියෙ..

Rs. 400.00

Pasal Guruwariya - පාසැල් ගුරුවරිය

Pasal Guruwariya - පාසැල් ගුරුවරිය

විමලා ඉර මුදුන් වනතෙක්ම ස්වකීය ස්වාමියාගේ ද්‍රෝහිභාවය කරනකොට ඇති වූ විකල් සිතින් මත්ව , හොත් තැනම සි..

Rs. 300.00

Daiwayogaya - දෛවයෝගය
Ridi Hawadiya - රිදී හවඩිය

Ridi Hawadiya - රිදී හවඩිය

නවකතා චක්‍රවර්තී ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් රිදී හවඩිය ප්‍රස්තාවනාවේ දැක්වේ. රිදී හවඩිය මුල්වරට පළවූය..

Rs. 600.00

Sunethra - සුනේත්‍රා

Sunethra - සුනේත්‍රා

"කිවිඳ, කීර්තිස්කන්ධය පුද්ගලයෙකු සතු වස්තුවක් නොවේ. කීර්තිස්කන්ධය ඊට ප්‍රභවය දුන් කෘත්‍ය සතු දෙයකි..

Rs. 990.00

Hadapana - හඳපාන