Charles Dickens - චාල්ස් ඩිකන්ස්

චාල්ස් ඩිකන්ස් 1812 පෙබරවාරි 7 දා එංගලන්තයේ පෝට්ස් මවුත් ප්‍රදේශයේ උපන්නෙකි'. කුඩා කාලයේදීම ඔහුගේ පියාට සිරගත වීමට සිදුවූ නිසාම ඩිකන්ස්ගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වුයේය එහෙත් පසු කාලීනව ඔහු විසි වසරක් තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් පුවත්පතක් සංස්කරණය කල අතර නවකතා පහළොවක්ද රචනා කළේය. ඒ හැර කෙටි නවකතා පහලොවක්ද රචනා කළේය. ඒ හැර කෙටි නවකතා පහක හා කෙටි කටහ සිය ගණනක්ද ප්‍රබන්ධ නොවන ලිපි රාශියක්ද ඩිකන්ස් අතින් රචනා වුයේය. 1836 වසරේදී ඔහු කොටස් වශයෙන් පුවත්පතකට ලියු'ද පික්වික් පේපර්ස්' නවකතාකරුවෙකු ලෙස ඔහු වෙත ජනප්‍රයත්වය ගෙන ආවේය. එය ඩිකන්ස් ලියු මුල්ම නවකතාවද වෙයි.