Jayathilaka De Silva - ජයතිලක ද සිල්වා

Jayathilaka De Silva - ජයතිලක ද සිල්වා

අම්බලන්ගොඩ බටපොලදී 1938 ජුනි 14වැනිදා උපන් කාරියවසම් කැල්ලපොත විතාරණගේ ජයතිලක ද සිල්වා හික්කඩුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු ලංකා විශ්ව විද්‍යාලයේ(1957 සිට 1961) උපාධිධාරියෙක් වේ. තිදරු පියෙකුවූ ජයතිලකගේ පියා ඩේවිඩ් වෘත්තීයෙන් වඩු කාර්මිකයෙකි. දෙණියාය මධ්‍ය විද්‍යාලයේ උප ගුරුවරයෙකු වශයෙන් 1962දී සේවයට බැදුණු ජයතිලක 1964 දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් පසු කොමියුනිස්ට් පක්‍ෂයේ තරුණ අංශයේ පූර්ණකාලීනයෙකු වශයෙන් 1965දී බැදුණේය. කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ ප්‍රධාන‍ ‍ලේකම් වශයෙන් වසර 10ක්ද සභාපති වශයෙන් වසරක්ද කටයුතු කල ජයතිලක කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකුද විය. පසුව කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්වූ ජයතිලක සමාජවාදී ජනතා ව්‍යාපාරය නැමති වාමාංශික කණ්ඩායමක නායකයා සහ න්‍යායචාර්යවරයා විය. එහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ත්‍රස්ත්‍රවාදී පනත යටතේ වසර තුනකට ආසන්න කාලයක් බන්ධනාගාරගතවී 1988 අප්‍රේල් නිදහස් විය.

පසුව ප්‍රවීණ පරිවර්තකයෙකු සහ ගත්කතුවරයෙකු බවට පත්වූ ඔහු පොදුජන එක්සත් පෙරමුණ රජය 1994 බලයට පත්වීමෙන් පසු ලේක්හවුස් ආයතනයේ ඩේලිනිවුස් සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පත්වල ප්‍රධාන කතුවරයා වශයෙන් කටයුතු කළේය. වසර 2016 වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය උපදේශකයෙකු ලෙසද සේවය කළේය. සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයම මැනවින් හැසිරවිය හැකි සැබෑ පරිවර්තකයෙකු වූ මෙතුමා  කාල් මාක්ස් විසින් රචිත  දාස් කැපිටාල් කෘතිය වෙළුම් තුනකින් ‘ප්‍රාග්ධනය’ නමින් සිංහලයට පරිවර්තනය  කරමින් පරිවර්තන ක්ෂේත්‍රයට වටිනා දායකත්වයක් ලබා දී ඇත. අර්නස්ට් හෙමිංවේ විසින් රචිත For Whom The Bell Tolls කෘතිය ඇතුළු තවත් කෘතීන් රැසක්  ඔහු අතින් පරිවර්තනය වූ අතර 2019 වර්ෂයේ පෙබරවාරි මස 26 වන දින හෘදයාබාධයක් හේතු කොට ගෙන අභාවප්‍රාප්ත විය. 

ඉමහත් වූ දැනුම් සන්දර්භයකින් පිරි නිහතමානි මිනිසකුවන ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වටිනා මිනිසෙකි .




Ganta Nadhe Ka Wenuwen do - ඝන්ඨා නාදේ කා වෙනුවෙන් දෝ

Ganta Nadhe Ka Wenuwen do - ඝන්ඨා නාදේ කා වෙනුවෙන් දෝ

අර්නස්ට් හෙමිංවේ ගේ Whom The Bell Tolls නවකතාවේ සිංහල පරිවර්තනය.  ..

Available

Rs. 680.00

Pragdanaya Dewani Veluma - ප්‍රාග්ධනය දෙවැනි වෙළුම

Pragdanaya Dewani Veluma - ප්‍රාග්ධනය දෙවැනි වෙළුම

Karl Marx විසින් රචිත Das Kapital පොතේ සිංහල පරිවර්තනයේ දෙවැනි වෙළුම. ප්‍රාග්ධන සංසරණ ක්‍රියාවලිය...

Out Of Stock

Rs. 1,500.00

Pragdanaya Palamuwani Veluma - ප්‍රාග්ධනය පළමුවැනි වෙළුම

Pragdanaya Palamuwani Veluma - ප්‍රාග්ධනය පළමුවැනි වෙළුම

Karl Marx විසින් රචිත Das Kapital පොතේ සිංහල පරිවර්තනයේ පළමුවැනි වෙළුම. ධනපති නිෂ්පාදනය පිලිබඳ විවේච..

Out Of Stock

Rs. 1,800.00

Pragdanaya Thunwani Veluma - ප්‍රාග්ධනය තුන්වැනි වෙළුම

Pragdanaya Thunwani Veluma - ප්‍රාග්ධනය තුන්වැනි වෙළුම

Karl Marx විසින් රචිත Das Kapital පොතේ සිංහල පරිවර්තනයේ තුන්වැනි වෙළුම. දේශපාලන ආර්ථික විද්‍යාව පිළි..

Out Of Stock

Rs. 2,200.00

Showing 1 to 4 of 4 (1 Pages)