Kelum Weligama - කැලුම් වැලිගම

Kelum Weligama - කැලුම් වැලිගම

සිංහල භාෂාවෙන් ලියැවුණ වේගයෙන් අලෙවිවන පුද්ගල සංවර්ධන කෘතියක් වන ”ජීවිතය වෙනස් කරන කතා” කෘතිය රචනා කළ කැලූම් වැලිගම පුද්ගල සංවර්ධනය, නායකත්වය, අලෙවිකරණය, සන්නාමකරණය, සහ ව්‍යවසායකත්වයට අදාල නවීනතම දැනුම් සම්භාරයක් ප‍්‍රායෝගික ආරකින් ශ‍්‍රී ලාංකීය පාඨකයන් වෙත තිලිණ කළ වත්මන් ලේඛකයෙක්, ජනමාධ්‍යවේදියෙක් සහ පුද්ගල සංවර්ධන දේශකයෙකි.

”ජීවිතය වෙනස් කරන කතා 1” , ”ජීවිතය වෙනස් කරන කතා 2 ”, ”මහමොළකාරයෝ” , ”තරඟයේ වීරයා” සහ ”පර්සෝනා” ඔහු රචනා කළ කෘතින් වේ. විවිධ ජාතික පුවත්පත්, සඟරා, ගුවන් විදුලි සහ රූපවාහිණි නාලිකා ඔස්සේ පාඨකයන් අමතන ඔහු වර්තමානයේදී සිරස රූපවාහිනියේ විකාශණය වන ”මේ දවස්වල බිස්නස්” වැඩසටහන ඔස්සේ සිය පාඨකයන් නිරන්තරව ආමන්ත‍්‍රණය කරයි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන කැලූම් වැලිගම කැලණිය විශ්වවිද්‍යාලයෙන් වානිජවේදි විශේෂ උපාධිය ලැබුවේය. ශී‍්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙන් සහ ශ‍්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයෙන් ගිණුම්කරණය සහ මුල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම ලබාගත් ඔහු එංගලන්ත වරලත් අලෙවිකරණ ආයතනයෙන් (CIM,UK) අලෙවිකරණය සම්බන්ධ දැනුම සහ පරිචය ලබා ගත්තේය.

මාස් හෝල්ඩින්ග්ස්, අබාන්ස් සමාගම, NSB බැංකුව, දෙරණ රූපවාහිනිය, කැම්සෝ ලෝඞ්ස්ටාර් සමාගම, DSI ආයතනය, ලෝටස් ටයර් ආයතනය, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, AIA රක්ෂණ සමාගම, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම, කොළඹ රාජකීය විද්‍යාල ක‍්‍රිකට් කණ්ඩායම ඇතුළු ආයතන සහ සමාගම් රැසකට ඔහු පුද්ගල සංවර්ධන උපදේශණ සපයා ඇත.


Mahamolakarayo - මහමොලකාරයෝ

Mahamolakarayo - මහමොලකාරයෝ

අධිශ්ඨානය , ධෛර්යය , උත්සාහය නිසා ලොව ව්‍යාපාර ලෝකය තුල දැවන්තයන් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන් පිළිබඳව ස..

In Stock

Rs. 250.00

Persona - පර්සෝනා

Persona - පර්සෝනා

..

In Stock

Rs. 500.00

Showing 1 to 6 of 6 (1 Pages)