Sahan Kaseera Wickramasinghe - සහන් කසීර වික්‍රමසිංහ

"ආච්චිගේ කොලම " නම් වූ ෆේස්බුක් තීරු ලිපි සංග්‍රහයන් ද්විත්වය සමග ග්‍රන්ථකරණයට පිවිසෙන සහන් කසීර වික්‍රමසිංහ මූල්‍ය ක්ෂේත්‍රයේ සේවයේ යෙදී සිටියි.
වසර කිහිපයක් තිස්සේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කරන සහන්, රූපවාහිනී විදෙස් පුවත් පිටපත් රචකයෙක් ලෙස කටයුතු කර ඉන් අනතුරුව පුවත්පත් කිහිපයක විදෙස් පුවත් රචකයෙකු ලෙස ද කටයුතු කර ඇත. මේ වනවිට ඔහු සතිඅන්ත පුවත්පත් කීපයක තීරු ලිපි රචකයෙක් ලෙස ද කලා හා සාහිත්‍ය විෂයය රචකයෙකු ලෙස ද ලෙසද කටයුතු කරයි.