• Arya Wurkaya - ආර්ය වෘකයා

"වේලාව රාත්‍රී 12 බව නගරයේ හෝරා යන්ත්‍රය සනිටුහන් කළේ ය. ඒ වන විටත් ඔහු සැලකිය යුතු වේලාවක් කතා කොට තිබිණි. යම් විඩාපත් බවක් ඔහු වෙතින් දැකිය හැකි වීද? නැත.

කතා කිරීමෙන් ඔහු වෙහෙසට පත්ව සිටියේ නැත. කතාව අතරමැද ඒත්තු ගැන්වීමේ නිහඬ විරාමය වෙනුවෙන් මොහොතකට කතාව නවත්වා තිබුණා පමණි.

නගරයේ ඒ ආසන්නයේ පහන්කණු වලින් වැටුණු ආලෝකය ඔහු සිටි වේදිකාව මත පතිතව තිබුණේ දහඩිය උනා තිබූ ඔහුගේ නළල් තලය, කොපුල් අග මද දිලිසීමකටද ලක් කරමිනි. එය අපුරු ජීවමය ප්‍රතිමාවක් වැනි විය.

තවදුරටත් සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රතිරූපයක් නොවූ සේ ය. අඳුරේ ගිලී ගිය ජනකාය තමන් හමුවේ සිටින මද දිලිසීමකින් යුත් ඒ ප්‍රතිරූපය දෙස බලා සිටියේ විශ්වාස කිරීමට මිනිසා සතු හැකියාවේ අවසන් සීමාවට ම ගොසිනි.

"බලන්න” ජනකාය අතර සිටි අයෙක් මුමුණන හඬක් ඇසිණි. ˝ඔහුගේ හිස වටා රැස් වළල්ලක් විහිදෙනවා.”

"මාගේ ජර්මන් ජනතාව...." ගෝරනාඩු හඬ නැවතත් නැගී ආවේ ය. ජනයා අතර හීන් කසුකුසුවක් හෝ වී නම් ඒද මේ මොහොතේදී නැතිව ගියේ ය.

ඒ හඬ නැගී එන්නේ තමන් සිටින මේ පෘථිවි භූමියෙන් නොව විශ්වයේ යම් තැනකින්ය... ජනතාවට එසේ වැටහුණා විය යුතු ය. එය දෙව් ලොවෙන් නැගී එන්නාක් මෙන් ඔවුන්ට දැනුණා විය යුතු ය.

දෙව් ලොවින් ආ පණිවිඩයක් සේ හැගුණා විය යුතු ය.

"ආර්ය වෘකයා” තවදුරටත් නිහඬ නොවුණේ ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dura Dakina Ranawiruwek - දුර දකින රණවිරුවෙක්

Dura Dakina Ranawiruwek - දුර දකින රණවිරුවෙක්

වර්ෂ 1867දී රුසියන්වරුන් විසින් ඇලෙස්කාව ඇමරිකාවට විකුණා දමන්නේ එය හුදෙක් නිසරු බිමක් වශයෙනි. එහෙත් ..

Rs. 350.00

Adolf Hitlar - ඇඩොල්ෆ් හිට්ලර්

Adolf Hitlar - ඇඩොල්ෆ් හිට්ලර්

අවසානයේදී ජර්මානු ජාතික ආඥ්ඥාදයක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය.බටහිර ජනම..

Rs. 490.00

Deshapalanaya Saha Prachandathawa - දේශපාලනය සහ ප්‍රචණ්ඩතාවය

Deshapalanaya Saha Prachandathawa - දේශපාලනය සහ ප්‍රචණ්ඩතාවය

මම කඩදාසිය නමා සාක්කුවේ ඔබා ගතිමි. පෙර දවසක රාත්‍රියේ තම පියාව මරා දැමූ විට පැනගිය කොලුවාව මගේ මතකයට..

Rs. 400.00

Forest Gump - ෆොරස්ට් ගම්ප්

Forest Gump - ෆොරස්ට් ගම්ප්

මන් ඉපදුනාට පස්සේ මගේ අම්ම මට නම තිබ්බේ ෆොරෙස්ට්.එකට හේතුව වුනේ සිවිල් යුද්දෙදි සටන් කල ජනරාල් වෙඩ් ..

Rs. 950.00

Awasanayedi German Wyagraya Nihada Wiya - අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඩ විය

Awasanayedi German Wyagraya Nihada Wiya - අවසානයේදී ජර්මන් ව්‍යාඝ්‍රයා නිහඩ විය

සැන්දෑවේ දිගුව ගිය සෙවණැලි සඟවමින් රාත්‍රිය පැමිණියේ ය. අකාල කාලයක... කාලය නිසොල්මන් වූ සෙයකි.හඬ නිහ..

Rs. 750.00