• Benji - බෙන්ජි

බෙන්ජි කියන්නෙ විශේෂ බල්ලෙක්. දීප්තිමත් ඇස් තියෙන, නිදහසේ ඔබ මොබ සැරිසරන ඒ ගුඞ්ඩට හැමෝම ආදරෙයි. මහත් ඕනෑකමින් සතුටින් වනන ඔහුගේ නගුට දැකීම හැමදෙනාම සතුටට පත්කරවන්නක් වුණා. මිතුරන්ට සුබපතමින්ද, ෆින්ස්ටර් පූසිය පසුපස පන්නමින්ද ඔහු සෑම උදෑසනකම නගරය හරහා පිම්මේ දිවගියා. (සමහර වේලාවට තරහින් පිම්බත්, ෆින්ස්ටර් පූසිත් බෙන්ජිට කැමතියි.*
බෙන්ජිගේ සියලූ යහළුවන් අතරින් හොඳම යහළුවන් තමයි චැප්මන් දරුවන්. අවුරුදු නවයක් වයස පෝලූයි අවුරුදු හතක් වයස සින්ඩියි. චැප්මන් දොස්තර මහත්තයගෙ ගෙදර කුස්සියෙ උදෑසන කෑම වේලේ අස්කොන් කන්න ලැබෙන වේලාව තමයි බෙන්ජිගේ දවසේ හොඳම වේලාව. හැබැයි එක්වරම අමුතු දේවල් සිද්දවෙන්න පටන්ගත්තා.
බෙන්ජිට ලස්සන පෙම්වතියක් ලැබුණා. දුෂ්ට මිනිසුන් කීපදෙනෙක් බෙන්ජිගේ නවාතැනට බලෙන් රිංගුවා. චැප්මන් දොස්තර මහත්තයාගෙ දරුවන් දෙන්නා මහා භයානක අනතුරකට මැදිවුණා. ඔවුන් බේරාගැනීමට සමත් මේ ලෝකයේ සිටින එකම කෙනා තමයි වික‍්‍රමාන්විත බෙන්ජි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය

Awasan Adhirajiniya - අවසන් අධිරාජිනිය

යෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජයාගේ තුන්දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශි ඕ..

Rs. 1,875.00