• E Asenne Sinuwayi - ඒ ඇසෙන්නේ සීනුවයි

***පුත අද පාඩම ජලයයි.***
මේ වියළි කටුක බිම
වැහි ඇල්ලකින් සනහන
ලදල්ලක ජීවිතය දල්වන.......
විසල් පුදුමය එයයි ..
.
අහස් ගoදිය..
දිව්යමය සිසිලස
උස් කඳු මුදුන් හිස
තවරා හෙමි හෙමින් බැස ...
පහත්බිම් උකුලත....
එක් පෙති දෙපෙති නoවන.... දයාවේ උල්පතයි ....
වගුරුබිම් කළල මත
අහස් නිල පිළිබිඹුව
එය වෙයි
මල් කළල ඇහැරවන
රහස් දිව මතුර එයමයි ...
අහස් ගඟ දැකුමට ..
ඊ හිසක් සේ...
කළල විනිවිද .....
පිබිද ආ යුතුමයි ...
තඹුරු ,.පෙති මුදන්නෙත් ...
එහෙම යි..
වෙලාගෙන එක තැනක නොරැඳී ..
ගලා ගොස් රැළි නගා පෙරලී...... නොදුටු ලොව දැකබලා සැනහී...
පාව යන හැටි ...
බිඳුව වැගිරෙන හැටි..
එක්ව සත්සමුදුරු තනන හැටි ...
කියා දෙන්නට හෙටත් එන්නෙමි..
ඒ ඇසෙන්නේ සීනුවයි ..!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sudu Watha Andi Kekiniya - සුදු වත ඇඳි කෙකිනිය

Sudu Watha Andi Kekiniya - සුදු වත ඇඳි කෙකිනිය

වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුනා...--------------------------------------------------පොඩි දුවට වයිරස..

Rs. 450.00

Mal Mewu Minisa - මල් මැවූ මිනිසා

Mal Mewu Minisa - මල් මැවූ මිනිසා

ගිනි අවිය උර දරාමල් මැවූ මිනිසා.!.***මහජන බැංකුවේ මුල්ලක පර්චස් දෙකක අල්ලකස්වර්ගය එලාගත්..ඒ සොඳුරු ම..

Rs. 550.00