• Sudu Watha Andi Kekiniya - සුදු වත ඇඳි කෙකිනිය

වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුනා...
--------------------------------------------------
පොඩි දුවට වයිරස් උණ - රෑ තිස්සෙම ඇඟ තෙම තෙම
හිටියේ ෆිට් එකට බයෙන්.
ලොකු චුටිට විභාගේ අද - මං හිටියේ බත් බැඳ බැඳ
ඒ වෙලාවේ චුටි හැඬුවේ ඇඳුම තෙමන්....

චුටිගේ තෙත මාරුකරල - ලොකුගේ සුදු ගවුම මැදල
ඉවර කරලා උණ බැලුවම දන්නෙම නැහැ
එකසිය ගානටම නැගල - චූටි හැඬුවේ වෙවුල වෙවුල

එයා හිටියේ රැවුල බබා - උරුහන් බානවත් ඇහුනා
බබා බලන්නට කීවම - එයාට අද යකා වැහුණ
ඒත් අම්මේ මම ඉවසුව....

එයාගේ අම්මා හිටියේ බණ අහ අහ - ටී වී එකටත් වැඳගෙන
" ළමයි බමයි නිදිකරලා අපි නම් කුම්බුරටත් ගියා"
එයා කිව්වේ මට ඇදේට ..- එත් අම්මේ මං ඉවසුව.

මේ සේරම කරන්න මට - තියෙන්නේ අත් දෙකයි කියල
කිව්වෙත් මං බොහොම හෙමින්
මගේ කරුමෙට ඒක ඇහිල
" ගෑනු දෙතුන් දෙනෙක් ගන්න කියලද දැන් මට කියන්නේ"
එයා ඇහුවේ සද්දෙ දමල
" මගේ මොකද ' මාත් කිව්වා..
" තමුසේ කියනකං හිටියේ මටත් ඕක හිතුණ " කියල
එයා කිව්වේ, ඔළුවේ ජෙල් ගාන ගමන්

ඒ වෙලාවේ මතක් වුනේම - කොටට කොටේ ගවුම ඇඳන්
අවරුදු පාටියට ඇවිත් - එයා එක්ක මුකුළු කරපු- ජැකී ෂෙරන්.

අම්මේ මට යකා වැහුණ - වතුර ජෝගුවත් පෙරළුණ
එයා ගියේ කේන්තියෙන් - ලොකු ගියේ බඩ ගින්නෙම
නැන්දම්මත් බුම්මගෙන - කෑවෙත් අද එහා ගෙයින්

ඔෆිස් එකට කෝල් කරලා - බබාට උණ කීවම
වැලන්ටයින් සමරනවද " සර්රුත්" ඔච්චමට ඇහැව්ව
ඊයේ ෂෝර්ට් ලීව් දමල - ගත්ත කමිසේ බෑග් එකේ
දෙන්න හිතෙන්නෙත් නැහැ දැන්
අම්මෙ මට බනින්නෙපා - වැලන්ටයින් දවසෙත් අපි සණ්ඩුවුනා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sudu Watha Andi Kekiniya - සුදු වත ඇඳි කෙකිනිය

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ehema Waradak Karala Ne Mama - එහෙම වරදක් කරලා නෑ මම

Ehema Waradak Karala Ne Mama - එහෙම වරදක් කරලා නෑ මම

  ජූලි මාසය ලස්සනයි හරි ඇසල මල් පෙති විසිරිලා පවර දළදා සමිඳු පිදුමට නුවර වීදිය සැරසිලා ඇසල මසකල..

Rs. 300.00

Girihisa Tharanaya - ගිරිහිස තරණය

Girihisa Tharanaya - ගිරිහිස තරණය

මග තොට නොදැන පැටලී            මන්මුළාවකයන කල ජිවිතේ දිගු&nbs..

Rs. 250.00