• Kithalangamuwe Marthelis -කිතලංගමුවේ මර්තේලිස්
මේ කෘතිය තුළ අඩංගුවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ කිතලංගමුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ජීවත්වන කුඩාපේදුරු අච්චිල්ලාගේ මර්තේලිස් නමැති ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල්කරගෙන සිදුකරන විමර්ශනයකි. 1927 අගෝස්තු මාසයේ 27 වන දා උපන් ඔහු 1950 දශකයේ මැද සිට ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනය තුළ ක්‍රියාකාරී ලෙස නියැලීම ආරම්භකර ඇත. මේ කෘතිය තුළ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව සම්පාදනය වී ඇති ඓතිහාසික අර්ථකථන හා මර්තේලිස් ගේ දේශපාලන ක්‍රියාකාරකම් ලෝකය අතර ඇති සම්බන්ධය හා විසම්බන්ධය සළකා බැලේ. සාමාන්‍යයෙන් ලංකාවේ වාමාංශික දේශපාලනය තමන් පැමිණි ගමන්මග දෙස ආපසු හැරී බලන්නේ තමන්ගේ දේශපාලන පරිකල්පනීය විශ්වයේ කේන්ද්‍රීය අදහස් පද්ධතිය වූ මාක්ස්වාදී දේශපාලන ප්‍රවේශයේ දෘෂ්ටිකෝණයෙනි. මේ කෘතිය තුළ අවධාරණය කෙරෙන්නේ ලංකාව තුළ ස්ථාපිත වී ඇති සධාර්මික මාක්ස්වාදි ප්‍රවේශය මර්තේලිස් ගේ දේශපාලන ලෝකය පිළිබඳව විශේෂයෙනුත් ලංකාවේ ග්‍රාමීය දේශපාලනය පිළිබඳව පොදුවේත් පු`ඵල් අවබෝධයක් ලැබීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්

Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්

අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..

Rs. 500.00

Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 2 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 2 වෙළුම

Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 2 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 2 වෙළුම

දෙවන වෙළුම (1992-1997)---------------------------පළමු පරිච්ඡේදය - විසිවන සියවසේ සමාජවාදය ප්‍රශ්න කිර..

Rs. 1,750.00