“...නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් යුතුව මනාල යුවල දෙස බලමි. මනමාලිය උඩරට මනාලියක ලෙස සැරසී සිටින්නීය. පාදයේ සිට මුහුණ වෙත ගෙන යන කැමරාව මනමාලියගේ මුහුණ මත නවතියි. මනමාලියට තිබෙන්නේ දැක පුරුදු මුහුණකි. මම තිගැස්සෙමි. ඒ උඩරට මනාලිය අම්මාය. මංගල ඡායාරූපයකට කිසිදා හිමිකම් නොකියූ අම්මාය. දෑවැදි දෙන්නට තරම් ආදායම් උපදවන්නට නොහැකි කෙල්ලන්ම පස් දෙනෙකු සිටි පවුලක ලස්සනම කෙල්ල වූ අම්මාය. ඒ පවුලේ බර හෑල්ලු කරන්නට සිතාගෙන උසස් පෙළ අවසන් වී තෙමසක් යන්නට පෙර ටුවර් ගයිඩ් කෙනෙක් සමග හොර රහසේ පැනගිය අම්මාය. ඇය අද මනමාලියක වී ඇත...."
-මං චිත්‍රපටියක-
අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පිටස්තරයන් මෙන්ම අපේ යටි සිත් ද අපමණ වාරයක් අපට පවසා තිබේ. ඇස් කඩාගෙන යන අයස්කාන්ත පෙනුමකට උරුම කම් නොකීවද, ඇය අප කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කිරීමට අසීරු තරමේ ආකර්ෂණයකින් හෙබි බව අප සියල්ලන්ටම අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදු වීම, අප ලද එක්තරා මානසික ජයග‍්‍රහණයක් බව පැවසිය යුතුම ය.
මනාව පිහිටි අඟපසඟින් යුතු සෘජු ශරීරයකටද, අඳුරු පැහැයට සමීප සමකටද උරුමකම් කී ඇගේ මුහුණේ වූ දිගැටි නෙත් ඉතා දීප්තිමත් වූ අතර එහි ශෝකී පෙනුමක් ඇති බව අපි නිතර එකිනෙකා සමග පැවසීමු. ඇගේ නෙත් වල ශෝකී බවක් පෙනෙන්නේ අපටම පමණක්ද යන්න සැක කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂි බොහෝ තිබුණද, අපි ඒවා සැලකිල්ලට ගැනීමට තරම් උද්යෝගිමත් නොවීමු. හුරුබුහුටි නැහැය ඇගේ මුහුණට තියුණු බවක් එක් කොට තිබුණු අතර, පිරිපුන් මාංසල දෙතොල් ඇයට සරාගී පෙනුමක් උරුම කර දී තිබුණි.
-කර්මක්ෂ-
ඒක හරිම සරලයි. ඔයා සන්තෝසෙන් ඉන්න බයයි නම්, මුලින්ම සතුටු වෙන්න උත්සාහ කරන්න! එතකොට බය ඔයාට බය වෙනවා.
" ඒක කරන්නේ කොහොමද?"
"ඔයා ඔයාගෙ බය අමතක කරලා දාලා, ඔයාට සතුට ගේන දේවල් කරන්න පටන් ගන්න. ඒක ඔයා පටන් ගන්න ඕනේ අනිත් අයව සතුටු කරන එකෙන්.
උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් කාටහරි මල් ටිකක් තෑගි කරන්න.
හැබැයි කිසිම හේතුවක් නිසා බය නැති කරන විදිහ ගැන හිත හිත කාලේ ගෙවන්න එපා. වැඩිය හිතන්නේ නැතිව ජීවත් වෙන්න!
ඔයාට සතුට ගේන දේවල් කරන්න.
වැඩිකල් නොගිහින් සතුට ඔයාව හොයාගෙන ඒච්."
-සයිඩන්-
Man Chithrapatiyaka Karmaksha and Sidon Bundle Offer
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Kanchana Priyakantha - කාංචනා ප්‍රියකාන්ත
- - පරිවර්තන නවකතා
- - Bundle Offers
- ISBN: MKSBO
- Availability: Available
-
Rs. 2,750.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Karmaksha - කර්මක්ෂ
2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පි..
Rs. 600.00
Man Chithrapatiyaka - මං චිත්‍රපටියක
“...නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් ය..
Rs. 600.00
Sidon - සයිඩන්
ඒක හරිම සරලයි. ඔයා සන්තෝසෙන් ඉන්න බයයි නම්, මුලින්ම සතුටු වෙන්න උත්සාහ කරන්න! එතකොට බය ඔයාට බය වෙනවා..
Rs. 1,750.00




