• Nur Jahan 1 and Nur Jahan 2 Bundle Offer
Discounted Price - 3250 Only + FREE DELIVERY

Use the Code N1N2BO for FREE DELIVERY 

“...තාරුකා මුවා කරමින් වලාකුළු අහස පුරා පා වන්නට විය. ඒ පිටුපසින් විජ්ජුලතා එළි විහිදිණි;  රිදී පැහැ අතුපතර අළු පැහැයෙන් බොඳ වී ගියේ ය. හැඳිවත උනා දමා, උරහිස් මතින් ඉණ තෙක් කඩා හැලෙන මේ දැන් වියැළුණු කේශ කලාපයෙන් පමණක් ආවරණය වූ ඇය ඔහුගේ දෑත් මත වාඩි වී හුන්නා ය.

“එය මීට පෙර කවදාවත් සිදු වූ දෙයක් නොවේ.”

අවසානයේ ජහන්ගිර් පැවසුවේ ය. සැබෑ ය; එය මීට පෙර එසේ වී නොමැත. ඔහුගේ සෙනානා හි කාන්තාවෝ, ඔහුට ඔවුන්ගේ ඇති ඥාතිත්වය කුමක් වුවත් සෑම විටම අන්තඃපුරයේ ගඩොල් බිත්ති පිටුපස රැඳී සිටියහ. ඔවුන් ඇහුම්කන් දුන්නේ පිටත සිට ය; ඔවුන් නියෝගයන් කළේ ද ආවතේවකරුවන්, දාසියන් හෝ පණ්ඩකයින් මගිනි; ඇහුම්කන් දුන්නේ ද, ඔහු ඔවුන්ට අවශ්‍ය දෙයක් කළ විටෙක පමණි.

“කුමක් හෙයින්ද ඔබට මෙය අවශ්‍ය?”
“කුමක් හෙයින්ද අවශ්‍ය නොවන්නේ?”ඇය ඊට පිළිතුරු වශයෙන් ප්‍රශ්නයක් ම ඇසුවා ය.
අධිරාජයා මන්දස්මිතයක් පෑවේ ය.
“මට පෙනෙනවා ඔබ මා අසීරුවට පත්කරන්නට යන බව මෙහෙරුනිසා... බලන්න...” ඔහු දෑස් ඔසවා අහස දෙස බැලුවේ ය. ඇය ඔහුගේ බැල්ම අනුගමනය කළා ය.
“ඔබ හිතනවා ද වර්ෂාව ලැබෙයි කියලා?”
“එසේ වුවහොත්...” ඇය මඳ විරාමයක් තැබුවා ය. "එසේ වුවහොත් මට හෙට ජරෝකාවට පැමිණිය හැකිද?”
දැන් වලාකුළු ඔවුන්ගේ හිසට ඉහළින් අහස ආවරණය කර තිබිණි. කුමන මොහොතක හෝ ආග්‍රා නගරයට වැසි බින්දු කඩාවැටිය හැකි බව පෙනෙන තරමට ඒවා වැහිබර විය. ඒ හා ම හමා යන සුළඟක් සූර්ය දිව්‍ය රාජයාට ඔහුගේ මංගල රථය පැදවීමට නැවත මාර්ගය හෙළි කරමින් ඒවා රැගෙන යාමට ද බොහෝ විට ඉඩ ඇත. මෙහෙරුනිසා මෝසම් වැස්සට විධාන දෙමින්
සිටියා ය. ඇය තනිවම සිනාසුණා ය. එය විය නොහැකිද? පළමුව පණ්ඩකයින්; මේ මොහොතේ රාත්‍රී අහස.
“ඔබේ දෙනෙත් පියාගන්න.” ඔහු පැවසුවේ ය.
ඇය එසේ කළා ය. ඔහුගේ දෙනෙත් ද පියාගෙන ඇගේ සුවඳ හඹා යමින් ජහන්ගිර් ඇගේ ගෙල මුලට නැඹුරු වූයේ ය.
ඇය සිය කෙහෙරැලි ඔවුන් වටා ඔතා ගත්තා ය. ඇය දෑස් විවර නොකර ම ඔහුගේ උණුසුම් සුසුම් විඳිමින් සිටියා ය; ඇගේ කෙස් රොදක් ඉවත් කර උරතලයට වැටෙන්නට හරිමින් දහඩිය රේඛාවක් රස බලන ඔහුගේ ආලිඞ්ගනයේ පහස විඳිමින් සිටියා ය; ඔහුගේ රළු ඇඟිලි තුඩු පියයුරු දෙපස දැවටෙද්දී පොපියමින් සැලුණා ය... ඔවුහු යළි වදනකුදු නොබිණූහ.
ඉනික්බිති, ඔවුහු නින්දට වන්හ...”

(පිටු අංක 26, 27 - නූර් ජහාන් 1)


“... රාජකීය මුළුතැන්ගෙවල අධිරාජිනිය වෙනුවෙන් අණ ලත් කෝකියෝ පහළොස් දෙනෙක් වූහ. ඔවුහු අසල පිහිටි මස්මඩු වෙත පා ගමනින් ගියහ; එහිදී ඔවුන් තෝරා දුන් එළුවෙකු, කුකුළන් සහ තාරාවුන් මරා සෝදා ගෝනිවල අසුරනු ලැබිණි. මුළුතැන්ගෙවල ජලය ගෙන එන්නෝ සම් මඩිස්සලවලින් ගෙනා ගං දිය, කෝකියන් ඒවා පාවිච්චි කරන්නට සූදානම් වන තෙක් සුදු රෙදි වැසුම්වලින් බැඳ තිබූ මැටි කලස්වලට වත්කළහ; මිර් බකාවල්, ප්‍රධාන අරක්කැමියා ඒ සෑම පිළිවෙතක්ම හොඳින් පරීක්ෂා කළේ ය.

කෝකියෙක් කිවිසුමක් ඇරියහොත් ඔහු පිටමං කරනු ලැබේ; ඔහු විසින් පිසිනු ලැබූ ආහාර ඉවත දමනු ලැබේ. වෙනත් කෝකියෙක් ඔහු වෙනුවෙන් ආදේශ කෙරේ. ජහන්ගිර්ගේ ප්‍රියතම ආහාරපාන පිළියෙල කරනු ලැබිණි, ඔහු කැමති දේ බොහෝ ය. මේ අපරභාගයේ විවිධ වූ ආහාර වර්ග පණස්එකක් පිළියෙල විය. මඳ ගින්නේ තැම්බූ, වාෂ්පයෙන් තැම්බූ, ඉස්ටු කළ, බදින ලද සහ තම්බන ලද ආහාර වර්ග මුළුතැන්ගෙයි දර ළිප්වල පිසිනු ලැබිණි.

අධිරාජයාට කිසිසේත්ම මේ සියලු ආහාර වර්ග අනුභව කළ නොහැකි ය; අඩු තරමින් මේ සියල්ලෙහි රසබැලීමක්වත් සිදු නොකෙරනු ඇත. එනමුත්, ඔහුට යම් විශේෂ දෙයක් අවශ්‍ය වූයේ නම් එය එහි තිබිය යුතු ය..


නූර් ජහාන් 2

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nur Jahan 1 - නූර් ජහාන් 1

Nur Jahan 1 - නූර් ජහාන් 1

“...තාරුකා මුවා කරමින් වලාකුළු අහස පුරා පා වන්නට විය. ඒ පිටුපසින් විජ්ජුලතා එළි විහිදිණි;  රිදී..

Rs. 1,850.00

Nur Jahan 2 - නූර් ජහාන් 2

Nur Jahan 2 - නූර් ජහාන් 2

“... රාජකීය මුළුතැන්ගෙවල අධිරාජිනිය වෙනුවෙන් අණ ලත් කෝකියෝ පහළොස් දෙනෙක් වූහ. ඔවුහු අසල පිහිටි මස්මඩ..

Rs. 1,700.00