“අර වසවර්තියා කරදර කරන්න ආවා නේද…? මම මග දිගට ම හිත හිතා ආවේ… උඹට කරදරයක් එහෙම කරේ නෑ නේද…?” යි කුසුමක්කා මගෙන් ඍජුව විමසුවා ය. මම කඳුළු වෑහෙන දැස්වලින් යුතුව ඈ දෙස බලා සිදු වූ සියල්ල ඒ සැටියෙන් ම හෙළි කළෙමි.
" හාමු මට කරදර කරන්න ආවා අක්කේ… කවුදෝ පිරිමි ළමයෙක් ඇවිත් හාමුට ගහලා මාව බේර ගත්තා… කාට හරි කිවුවොත් මාව මරනවා කිවුවා… අනේ අක්කේ ලොකු නෝනටයි, ලොකු බේබිටයි නම් කියන්න එපා…"
මම හඬා වැටෙමින් ඇයව පොරොන්දු කරවා ගත් අතර ඈ මගේ හිස අතගාමින් මා අස්වැසීමට උත්සාහ කළා ය.
“මං හිතුවා ඕක… ඔය ජරා මිනිහා ආව දවසේ ඉඳන් මේ බංගලාව විනාශ වුණා. ලොකු නෝනත් උගේ ලස්සනට රැවටිලා. අනේ මන්දා… ආයේ නම් උඹව තනි කරලා යන්නෙ නැ…”
Sapumalee - සපුමලී
- Publisher: Mathaka Publishers - මතක ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- - Eranda Rathnasekara - එරන්ද රත්නසේකර
- ISBN: 9786246523138
- Availability: Available
-
Rs. 1,400.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dada - ඩැඩා
තාත්තා කෙනකුගෙයි දුවකූගෙයි තියෙන්නේ වෙනක් ව ආදරයක් වුටි දූ… ඒක මේ ළෝකේ තියෙන ලස්සන ම බැඳීම්වලින් එකක..
Rs. 1,700.00