• Auschwitz Hi Pachchakotanna - අවුෂ්විට්ස් හී පච්චකොටන්නා

ලලී, තමන් වෙත පෑ ' කොළ කැබැල්ල ' ගැනීමට උත්සුක වූවා මිස හිස ඔසවා ඒ දෙස නොබැලීමට උත්සහ ගත්තේය. ඔහු එහි වූ ඉලක්කම් පහ, එය දුන් තරුණියගේ වම් බාහුවේ කෙටිය යුතු විය. ඇයගේ අතෙහි දැනටමත් අංකයක් වූවද එය දුර්වර්ණ වී මැකී යාමට ආසන්නව තිබිණි. ඔහු ඉතාමත්ම මෘදු ලෙස පච්ච කෙටීමට යොදා ගන්නා ඉඳිකටුව ඇයගේ වම් බාහුවට තබා තද කොට, තුනේ ඉලක්කම ඇන්ඳේය. ලේ දහරාවක් ඉන් පිටතට විඳිණි. එනමුත් ඉඳිකට්ට ප්‍රමාණවත් තරමට සම ඇතුළට නොගිය හෙයින් ඔහුට නැවතත් අංක තුන මතම කටුව යැවීමට සිදුවිය. ඇය වේදනාවෙන් හැකිළුනේ නැති වුවත් මෙය ඇයට හිරිහැරයක් බව ළලී හොඳින්ම දැන සිටියේය. නමුත් ඔවුනට අනතුරු හඟවා තිබුණේ, කිසිවක් නොකියන්න සහ කිසිවක් නොකරන්නටයි. ඔවුන් හුස්ම ගන්නා ඇවිඳින මළමිනී බඳු වූහ. ඔහු හනික ඇයගේ අතෙහි වූ ලේ පිසදමා තුවාලය මත කොළ පැහැ තීන්ත ඇතිල්ලුවේය.

" ඉක්මන් කරනවා" පෙපන් කෙඳිරීය.

ලලී, මේ කාරියට වැඩි වෙලාවක් ගත්තේය. මිනිසකුගේ අතේ පච්චයක් කෙටීම එක දෙයකි. එහෙත් තරුණ කෙල්ලකගේ සිරුර පච්චයකින් වුවද කෙලෙසීම ඔහු තුළ ඇතිකළේ තැතිගැන්මකි. හිස ඔසවා යාන්තමින් බැලූ ලලීට, පෝලිමට සිටගෙන සිටින තරුණියන් පසුකර හිමින්සීරුවේ ඉඳිරියට ඇදෙන සුදු කබායක් හැඳි මිනිසකු ඇස ගැටිණි. ඉඳ හිට මේ අමුත්තා නැවතී, බියෙන් තැතිගත් සුදු මැලි මුහුණින් යුතු තරුණියන්ගේ මුහුණු සහ අඟපසඟ පරීක්ෂාවෙන් බැලීමටද අමතක නොකළේය. අවසානයේ ඔහු ළලී වෙත ළඟා විය. ළලී තරුණියගේ අත, ඔහුට හැකි උපරිමයෙන් ඉතාමත්ම මෘදුව අල්ලාගෙන සිටිද්දී සුදු කබාකාරයා ඇයගේ මුහුණ ඉතා දැඩි ලෙස අල්ලා දෙපසට සෙලවීය. ළලී ඇයගේ තැතිගත් දෙනෙත් දෙස වහා හිස ඔසවා බැලුවේ එවිටය . ඇයගේ තොල් යමක් කීමට මෙන් සෙලවිනි. වහාම ක්‍රියාත්මක වූ ළලී ඇයගේ අත තදින් මිරිකා ඇයව ඉන් වලාකාලීය. ඇය ලලී දෙස බැලු විට, ඔහු මුවින් " ෂ්ෂ්..!!" හඬක් නගා ඇයට නිහඬ වන ලෙස ඉඟි කළ අතර එකෙණෙහිම වාගේ සුදු කබාකාරයාද ඇයගේ මුහුණ අතහැර දමා එතැනින් ඉවත් විය.

" බොහොම අගෙයි!" යැයි මිමිණු ලලී, ඉතිරි ඉලක්කම සතර වූ 4 9 0 හා 2 ද ඇයගේ අතේ කෙටීමට සූදානම් විය. එම අංකද කොටා අවසන් කළ ඔහු, ඇයගේ අත උවමනාවටත් වඩා වැඩි කාලයක් අල්වාගෙන සිටිමින්ම නැවතත් ඇයගේ දෑස් වෙත එබී බැලීය. ඔහු මහත් ආයාසයකින් සිනාහවක් උපදවාගත් කල, ඇයද පෙරළා සිහින් සිනහවක් ඔහු වෙත පෑවාය. ඒ කෙසේ වෙතත් ඔහු හමුවේ පොපියන ඇයගේ දෙනෙත දුටු ලලීට , ප්‍රථම වරට තම හදවත නතර වූ බව සහ ඒ සමඟ ගැහෙන බවද හැඟී ගියේය. හදවත කෙතරම් තදින් හා වේගයෙන් ගැහුණාද කියතොත් එය පපු කුහරය ඉරාගෙන එළියට පැනීමේ අවදානමක පවා ඇති හැටියක් ඔහුට දැනිණි. ඔහු පොළොව දෙසට නෙතු හරවා ගත් අතර එය භ්‍රමණය වන්නා සේ විය. එවිටම තවත් ' කොළ කැබැල්ලක්' ඔහුට භාර දුනි.

" ඉක්මන් කරනවා ලලී! " පෙපන් මහා හදිසියකින් මෙන් මිමිනූ අතර ඔහු නැවතත් හිස ඔසවා බලද්දී ඇය පෙනෙන්නට නොසිටියාය....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Auschwitz Hi Pachchakotanna - අවුෂ්විට්ස් හී පච්චකොටන්නා

  • Rs. 700.00

  • KBOOKS Cashback Rewards: 70

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

The Tattooist of Auschwitz

The Tattooist of Auschwitz

Based on the powerful true story of Lale Sokolov..

Rs. 2,190.00

Sagaraya Parada - සාගරය පරදා

Sagaraya Parada - සාගරය පරදා

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමිසමේ ප්‍රධාන ප්‍රකාශිකාව වන මෙලිස්සා ෆ්ලෙමිං විසින් ලියන ලද ..

Rs. 500.00

Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය

Shakraya Waradikaru Thopaya - ශක්‍රය වැරදිකරු තොපය

ගැඹුරු සයුරේ අඳුරු දියඹේ තනිව සැඟවී උන්නු බෙල්ලෙකු කුසේ මුතු කැටය වූයෙමි...අඳුරු දිවියට ති..

Rs. 400.00