• Kala Sarpa - කාල සර්ප

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2013

ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානයේදී අවසාන විනිශ්චය ඉදිරිපත් කළ අවස්ථාවේ ස්වර්ණ පුස්තක සම්මාන තේරීමේ තුන්වන, මණ්ඩලය කාල සර්ප නවකතාව තෝරා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ සඳහන මෙසේය.

”හත්වැනි ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානයේ, අවසාන විනිශ්චය මණ්ඩලය වන අප පස්දෙනා වෙත, ප‍්‍රශස්තම නවකතාව තෝරාගැනීම සඳහා නවකතා පහක් ඉදිරිපත් කරන ලදී.
මෙහිදී ආරම්භයේදීම එක් කරුණක් අවධාරණය කළ යුතුයි. නවකතාවද ඇතුළු කවර හෝ සෞන්දර්යමය කෘතියක් අගය කිරීම සඳහා නිරපේක්ෂක අගයන් නොමැති බවයි. එම අගය කිරීම හැමවිටම සාපේක්ෂ ගුණයෙන් යුතු වෙයි. එය කෘතියෙන් කෘතියට සාපේක්ෂ වන්නා සේ ම, විනිශ්චය කරන්නෝද, සාපේක්ෂ අගයන් දරති. ඒ හෙයින් මතු යම් දිනෙක, පොදු සම්මුතියෙන් පිළිගන්නා ‘විශිෂ්ටතම’ නවකතාව ලියැවෙන තෙක් සම්මාන නොදිය යුතු යැ’යි යන ආස්ථානය බැහැර කරමු.
මේ නවකතා පහ අගය කිරීමේදී අප අනුගමනය කළේ සාකල්‍යවාදී (Holistic Approach) ප‍්‍රවේශයකි. එතෙකුදු වුවත් එය හැකිතාක් ක‍්‍රමික සැලැස්මක් තුළට ගෙන ඒම සඳහා පහත සඳහන් ද්විවිධ අවලෝකනයන් උපයෝගී කරගත්තෙමු.
අ. පඨිතය ගොඩනැගීමේදී යොදා ගත් ශිල්පීය හා කලාත්මක ශක්‍යතා
ආ. කතිකාමය ලක්ෂණ හා මැදහත්කාරක ගුණය නැවත මේ සංරචක අතර පළමුවැන්න,
1. නවකතාකරුවා තෝරාගත් කතා මාදිලිය
2. චරිත හා චරිත ගොඩනැංවීම හෙවත් චරිතායනය
3. කතන්දරය හා කතා වින්‍යාසය
4. භාෂාව හා ආඛ්‍යාන උපායන් යනුවෙන්ද,

දෙවැන්න,
1. කතිකාමය ප‍්‍රබලත්වය.
2. සමස්ත ආවරණය :ඔදඒක ෑෙෙැජඑ*
ලෙස සලකා බැලීමු.
මේ පදනම් මත පිහිටා සලකා බැලීමෙන් පසු, අවසාන තේරීමට ලක්වූ, මේ නවකතා පහ අතර ප‍්‍රශස්තම නවකතාකරු වනුයේ කාල අවකාශ සන්දර්භය කෙරෙහි අවධානය රඳවා ගනිමින්ද, පරිස්සමින් ගොනු කළ, බහු ශාබ්දිත භාෂා භාවිතයන්ගේ සන්නද්ධ වෙමින්ද නවකතාවේ එන පාත‍්‍ර වර්ගයාගේ, අභ්‍යන්තරික අනපේක්ෂිත මානයන් මෙන්ම, ප‍්‍රතිරෝධතාද මතු කරමින්, චරිතවල නියෝජනාත්මක ගුණය කෙරෙහි සැලකිලිමත් වෙමින්, ලාංකේය සමාජ පරිවර්තන ක‍්‍රියාවලියේ නිමේෂයක් පිළිබඳ මානුෂීය කතාන්තරයක් ඔස්සේ, පාඨක වින්දනේන්ද්‍රියන් නව ඉම් කරා ගෙනයන ප‍්‍රශස්ත වියමනක් වෙනුවෙන්, කීර්ති වැලිසරගේ ලේඛකයාගේ කාලසර්ප නම් නවකතාවයි.”
- 2013 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩල වාර්තා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Garuda Muhurthaya - ගරුඬ මුහුර්තය

Garuda Muhurthaya - ගරුඬ මුහුර්තය

බිළිඳි සැමියා රැකගන්නට හිතා ගත්තාය.ඈ නැන්දම්මා දෙස බැලුවේ පිළිකුලෙනි.දවාලේ අමුහාල් බතට රටදෙල් වෑංජ..

Rs. 1,500.00

Daduru Girikulu - දැදුරු ගිරිකුළු

Daduru Girikulu - දැදුරු ගිරිකුළු

"ඇයි හා කිවෙ...? "නොකිය බැරුව ගියා..." "ඒත් මට හිතුණ... ඔව්... මට බය හිතුණ..." "ඔව්... මට බය තිබුණ ම..

Rs. 350.00

Maya Thirtha - මායා තීර්ථ

Maya Thirtha - මායා තීර්ථ

" කතුවරයා යථාර්තවාදී රීතිය අනුව යමින් රචිත අපුර්ව නවකතාවකි."..

Rs. 450.00

Yauwana Deshaye Katha - යෞවන දේශයේ කතා

Yauwana Deshaye Katha - යෞවන දේශයේ කතා

කතුවරයා කුඩාකල අසු ජන කතන්දර 4ක් මෙහි ඇතුලත්ය.කතා රසයෙන් පිරි මේ කතන්දර ලමයින්ට අලුතින් සංකල්ප ඉපදවී..

Rs. 200.00

Rudu Ron Sunu - රුදු රොන් සුනු

Rudu Ron Sunu - රුදු රොන් සුනු

ඔහු රථය පණ ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේ ය. ඇය ද මඳක් එසවුණු අතින් ඔහුට සමු දු..

Rs. 750.00

Digu Thathpara - දිගු තත්පර

Digu Thathpara - දිගු තත්පර

“අපි වැඩ කරන්නෙ මාස්ටර් ප්ලෑන් එකෙන් උප කොන්තරාත් බාර ගත්ත ඉංජිනේරු සමාගමකට. සියෝල් කන්ස්ට්‍රක්ෂන් ඉ..

Rs. 325.00

Sandhyanandaya - සන්ධ්‍යානන්දය

Sandhyanandaya - සන්ධ්‍යානන්දය

කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ ..

Rs. 1,250.00

Unu Duwili - උණු දූවිලි

Unu Duwili - උණු දූවිලි

..කෙහේදෝ පඳුරු ගොල්ලක් පීරාගෙන යසා දිව යයි.ඈ පස්සේ හඹා යන්නට ඔහුට සිතේ.ඔහු ඈ පසු පස එළවයි.ඇගේ හති හඬ..

Rs. 375.00