• Winter - වින්ටර්
ශානර කීපයකටම අයත් වෙන The Lunar Chronicles නැත්නම් චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාව ඉතාමත් ප‍්‍රසිද්ධ පොත් පෙළකි. විශේෂයෙන්ම ෆැන්ටසි හා විද්‍යා ප‍්‍රබන්ධ ශානරවලට කැමැත්තක් දක්වන අය මෙම පොත්වලට ආදරය කරති. චන්ද්‍ර පුරාවෘත්ත මෑත කාලයේ රචනා වුණු, සුරංගනා කතා නැවත කීමේ න්‍යාය අනුග මනය කර සාර්ථක වූ පොත් පෙළක්ද වෙයි. මෙම පොත් මාලාවේ Cinder, Scarlet, Cress, Fairest: Levana’s Story සහ Winter නමින් නවකතා පහක් ඇත.

චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ පස් වෙනි සහ අන්තිම පොත වෙන වින්ටර් ප‍්‍රකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එලඹුණු අනාගතය ලෝකයක දිග හැරෙන එම කතාවSnow White and the Seven Dwarves සුරංග නා කතාව නැවත කීමක් ලෙසින් සැලකෙයි. මෙහි එන වින්ටර් කුමරියගේ චරිතය ස්නෝ වයිට්ගේ චරිතය මත පදනම් වී ඇත. කතුවරියට අනුව චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ දුෂ්ට චරිතය වෙන ලවානාගේ චරිතයSnow White and the Seven Dwarves සුරංගනා කතාවේ ඉන්නා නපුරු රැුජනගේ චරිතය මත පදනම් වී ඇත.

චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවට අයත් පොත් පහ අතරින් දිගුම නවකතාව වන්නේ මෙයයි. මෙය නවකතා මාලාවේ අවසාන පොත වන බැවින් මුල් පොත් හතර මඟින් ගොඩ නැගූ කතාව අවසානයක් කරා ගෙන යෑමට අවශ්‍ය කළ නිසා එසේ සිදු වී ඇත. මෙම ග‍්‍රන්ථය රචනා කරන්න කතුවරියට අවුරුදු දෙකක කාලයක් ගත වී ඇත. ඒ කාලය ඇතුළත තමන්ට මෙම පොත කවදාවත් ලියා අවසන් කරන්න හැකි වන්නේ නැති වේවි යයි තමන්ට සිතුණු බව කතුවරිය සටහන් කර ඇත. වින්ටර් රචනා කිරීම මඳක් නතර කර ලවානාගේ කතාව කියන ‘ලවානා’ පොත රචනා කිරීමට පටන් ගැනීමත් මෙම පොත රචනා කිරීමට එතරම් දිගු කාලයක් ගත වීමට එක් හේතුවක් ලෙසින් දැක්වේ. අවසානයේ ‘ලවානා’ 2015 ජනවාරි මාසයේදීත් වින්ටර් 2015 නොවැම්බර් මාසයේදීත් ප‍්‍රකාශයට පත් විණි.

නවකතා මාලාවේ වින්ටර් කුමරිය ගැන මෙතෙක් දක්වා ඇති තොරතුරුවලට අනුව ඇය එව්රෙට් හේල් නම් රාජකීය ආරක්ෂකයාගේ සහ සෝල්ස්ටිස් හේල් යන ඇඳුම් මසන්නියගේ දියණියයි. වින්ටර් බිහි කරන වේලාවේ සෝල්ස්ටිස් මිය යයි. ඉන්පසු එව්රෙට් හා ඒ වෙන විටත් ආදරයෙන් බැඳී සිටින ලවානා බලෙන්ම ඔහු හා විවාහ වෙයි. ෂනරී රැුජනගේ සහ සෙලීන් කුමරියගේ මරණයන්ගෙන් පසු ලවානා චන්ද්‍ර රාජධානියේ රැුජන බවට පත් වෙයි. ඇය එව්රෙට් හා විවාහවීම නිසා ඇය වින්ටර්ගේ සුළු මව බවට පත් වෙයි. පසු කාලයකදී එව්රෙට් තමන්ට කිසිම දිනෙක ඇත්තෙන්ම ආදරය නොකරන බව වටහා ගන්නා ලවානා ඒ වෙන විට වැන්දඹු පුරුෂයකු බවට පත් වී සිටින නැගෙනහිර නිදහස් රාජ්‍යයේ රීකාන් අධිරජතුමා හා විවාහවීමට අවස්ථාවක් උදා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් එව්රෙට් ඝාතනය කරවයි. තාත්තාගේ මරණයත් සමග වින්ටර් තමන්ගේ කුඩම්මා සමග තනි වෙයි.

ක්‍රෙස් නවකතාවේදී අපට මුලින්ම දකින්න ලැබෙන වින්ටර් කුමරිය තමන්ගේ චන්ද්‍ර මායා බලය පාලනය කිරීමට හැකියාවක් ලැබුණු කාලයේ පටන්ම එය භාවිතා කිරීම නැවැත්වීම නිසා ඇති වෙන අතුරු ඵලයක් වන සිහි කල්පනාව මඳවීමේ ප‍්‍රශ්නයෙන් පීඩා විඳියි. ඇගේ රූමත්කම නිසා ලවානා ඇය නුරුස්සයි. වින්ටර් කුමරිය ගැන තවත් තොරතුරු මෙන්ම සින්ඩර්, ස්කාලට්, ක්‍රෙස්, කයි, වුල්ෆ්, ඉකෝ, කැප්ටන් තෝර්න් යන මේ සියලූම දෙනා ලවානා රැු ජනට එරෙහි සටන ජය ගන්නවාද නැද්ද යන්න ඔබට මෙම පොත කියවීමෙන් දැන ගත හැකිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Cinder - සින්ඩර්

Cinder - සින්ඩර්

    "මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  &nbs..

Rs. 2,000.00

Scarlet - ස්කාලට්

Scarlet - ස්කාලට්

    මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."   ..

Rs. 975.00

Cress - ක්‍රෙස්

Cress - ක්‍රෙස්

   "චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි‍්..

Rs. 1,250.00

Lavana - ලවානා

Lavana - ලවානා

ඉතාමත් කෙටි කලකදී ශ‍්‍රීලාංකීය පාඨකයින් තුළද ඉමහත් ජනප‍්‍රියත්වයට පත් ශානර කීපයකටම අයිිති වෙන The Lu..

Rs. 500.00

Wil Thera Niwahana - විල් තෙර නිවහන

Wil Thera Niwahana - විල් තෙර නිවහන

අත්හැර දැමූ නිවෙසක්...1933 ජුනි මස, දහසය හැවිරිදි ඇලිස් එඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත..

Rs. 2,700.00