එසේමය දනිමි මම
මගේ හද දිනු ප්‍රියය ..
ඔබේ සෙනෙහස විනා
අන් කිසිත් නොවේ මෙය..
ළපලු මත නටන මේ
කසුන් වන් එළිය කෙඳි
ඔබේ සෙනෙහසම වෙයි
ගුවන් තල පුරාගෙන
නිදැල්ලේ සැරිසරන
සුදෝ සුදු වලා කැටි
ඔබේ සෙනෙහසම වෙයි
සිසිලසක් රඳවමින
මා නළල් තල සිඹින
හමා යන මද පවන
ඔබේ සෙනෙහසම වෙයි
උදෑසන ළහිරු රැස්
ම නෙත පුරවා ගලයි
මගේ හද වෙත එවන
ඔබ හසුන මෙය තමයි
ඉහළ සිට ඔබේ වත
මා වෙතට නැමී ඇත
පහළ බැලු ඔබේ නෙතට
මගේ නෙත හමුවනු ඇත ..
මගේ හදවත ඔබේ
සරණ යුග වෙත නැමේ ..
Geethanjali - ගීතාංජලි
- Publisher: Sumitha Publishers - සුමිත ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Rabindranath Tagore - රබින්ද්‍රනාත් තාගෝර්
- - Kusuma Disanayake - කුසුමා දිසානායක
- ISBN: 9789556960624
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40