• Mathakaye Randi Piya Satahan - මතකයේ රැඳි පියසටහන්

සුප‍්‍රකට අමෙරිකානු ලේඛක නිකලස් ස්පාර්ක්ස් විසින් රචිත අතිශය ජනපි‍්‍රය පේ‍්‍රම කතාවක් වන "A Walk to Remember" කෘතියේ සිංහල පරිවර්තනයයි.
කෘතිය තුළ හමු වන ජෙමී නමැති ආදරණීය කාන්තා චරිතය ගොඩනැංවීමට පාදක වූයේ තමාගේම නැගණිය බවත්, තමා හඬමින් ලියූ එකම කෘතියද මෙය බවත් වරෙක ඔහු පවසා ඇත.
සිනමාවටද නැගි අතිශය ජනපි‍්‍රය වුණු මෙම කෘතිය නිකලස් ස්පාර්ක්ස්ගේ තෙවන නවකතාවයි.
...............................
දිගු වේලාවක් පුරා ඇය මගේ පපුවට තුරුළු වී හැඬුවාය. කුමක් සිතන්නටදැයි මා නොදත් අතර, ඇයද කුමක් සිතන්නේදැයි නොදත්තෙමි. එනමුදු, මා පැවසූ වදන් පිළිබඳව මා පසුතැවුනේ නැත. සත්‍යය සදාකල්හි සත්‍යයම වනු ඇති අතර, ඇයට කිසි දා බොරු නොකියන බවටද මම පොරොන්දු වී ඇත්තෙමි.
”‍අනේ ඒක කියන්න එපා”‍ ඇය මට කීවාය.
”‍කරුණාකරලා...”‍
”‍ඒත් මං ඔයාට ආදරෙයිනේ,”‍ ඇය මා විශ්වාස නොකළේ යැයි සිතා මම නැවතත් කීවෙමි.
ඇගේ හැඬීම තවත් වැඩි විය. ”‍අනේ මට සමාවෙන්න”‍
ඉකිගසනා අතර ඇය මා වෙත කෙඳිරුවාය. ”‍මට හරිම දුකයි...”‍
මගේ උගුර එක් වරම වියළී ගියේය.
”‍ඇයි ඔයාට දුක?”‍ ඇගේ ගැටළුව කුමක්දැයි දැනගැනීමේ දැඩි උවමනාවෙන් මම ඇසුවෙමි. ”‍මගේ යාළුවොයි එයාලා කියන කතායි නිසාද? ඒවා කිසිදෙයක් මං ගණං ගන්නේ නෑ - ඇත්තටම නෑ.”‍
මම ව්‍යාකූලත්වයට හා සැබැවින්ම බියට පත්ව සිටියෙමි. ඇගේ හැඬීම නැවතීම සඳහා දිගු වේලාවක් ගත වූ අතර, අවසානයේදී ඇය මා දෙස බැලූ‍වාය. අවසන් මොහොතට ලංව සිටින්නෙකුගේ සුසුමක් වැනි වූ හාදුවක් මා හට දුන් ඇය මගේ කම්මුල මත සිය අතැඟිලි ගෙන ගියාය.
”‍ඔයාට මට ආදරේ කරන්න බෑ ලැන්ඩන්”‍ ඉදිමී රත් පැහැ ගැන්වුණු දෑසින් යුතුව ඇය කීවාය. ”‍අපිට යාළුවො විදියට ඉන්න පුළුවන්, හම්බවෙන්න පුළුවන්... ඒත් ඔයාට බෑ මට ආදරේ කරන්න.”‍
”‍ඇයි බැරි?”‍ කිසිත් තේරුම් ගත නොහැකිව බැ?ඬි වූ කටහඬින් මම ඇසුවෙමි.
”‍මට”‍ අවසානයේදී ඇය සෙමින් පැවසුවාය, ”‍ගොඩක් අසනීපයි ලැන්ඩන්.”‍
ඇය පවසන්නේ කුමක්ද යන්න මා හට කිසි සේත් වටහාගත නොහැකි විය.
”‍ඉතිං ඒකට මොකද? ඔයාට ටික දවසකින් සනීප වෙයිනේ...”‍
දුක්බර සිනහවක් ඇගේ මුවගේ ඇඳී ගිය අතර, ඒ සමගම මට කාරණය පැහැදිලි විය. මගේ ආත්මය හිරිවට්ටමින් ඇය එම වදන් මා දෙස එක එල්ලේ බලාගෙන තෙපළුවාය.
”‍මං තව වැඩි දවසක් ජීවත් වෙන්නේ නෑ ලැන්ඩන්.”

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

A Walk to Remember

A Walk to Remember

There was a time when the world was sweeter when the women in Beaufort, North Carolina, wore dresses..

Rs. 1,990.00

Ekomath Eka Kalayaka - එකෝමත් එක කාලයක

Ekomath Eka Kalayaka - එකෝමත් එක කාලයක

අභීත විරුවන්ගෙන් ද, සුන්දර එඩිතර යුවතියන්ගෙන් ද, අපූර්ව වූ මායාවන්ගෙන් ද පොහොසත් වූ, එසේම විසඳාගත නු..

Rs. 750.00

Awasan Geethaya - අවසන් ගීතය

Awasan Geethaya - අවසන් ගීතය

සුප‍්‍රකට අමෙරිකානු ලේඛක නිකලස් ස්පාර්ක්ස් විසින් රචිත අතිශය ජනපි‍්‍රය පේ‍්‍රම කතාවක් වන "The La..

Rs. 775.00