• Na Gachchathi - න ගච්ඡති

ටීම් ඇන්ඩර්සන් මට මුණගැසුණේ වින්චෙස්ටර් සරසවියේදීය. හමු වූ මුල් දිනයේම අපි මිතුරන් වීමු. ඊට පාදක වූයේ මෙවන් කතාබහකි. "ඔබ මොන රටෙන්ද?" "ශ්‍රී ලංකාවෙන්." "ශ්‍රී ලංකා? ඉස්සර සිලෝන් කියල හඳුන්නපු රට. ඔබ පිළිමතලව්වේ කුමාරහාමි ගැන අහල තියෙනවද?" "ඇයි නැත්තෙ. මහනුවර රාජධානියෙ හිටිය අගමැතිගෙ බිරිඳ ඇය." "නෑ. ඔහුගෙ බිරිඳ මාරලන්ද කුමාරිහාමි. පිළිමතලව්වේ කුමාරිහාමි කියන්නෙ ඔහුගෙ දුව." "පිළිමතලව්වෙලා ගැන මේ තරම් තොරතුරු ඔබ දන්නෙ කොහොමද?" ජේම්ස් ඇන්ඩර්සන් කියන මගෙ මීමුත්තා දහනවවැනි සියවසේදි ලංකාවෙ හිටිය වැවිලිකරුවෙක්. ඔහුගේ බිරිඳ සාරා, පිළිමතලව්වේ කුමාරිහාමිගේ මිතුරියක්. ඔවුන් මිත්‍ර වෙලා තියෙන්නේ බියට්‍රිස් ගිරිහාගම නිසා. රජුත් කුමාරිහාමිත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා. ඇය ඒ සියලු විස්තර සාරා සමග කියල තියෙනවා. ඒ ආශ්‍රයෙන් සාරා ලිව්ව කතාව තාමත් අපේ පවුලෙ දේපළක් විදිහට සුරක්ෂිතව තියෙනව. ඒක හරිම රසවත්" සාරා ලිවූ පිළිමතලව්වේ කුමාරිහාමිගේ ජීවිත කතාවේ ඡායා පිටපතක් මට ලබා දීමට තරම් ටිම්ට කාරුණික හදවතක් තිබිණි. පිළිමතලව්වේ කුමාරිහාමිගේ ආදරය ගැන කෙරුණු කතාබහ, අපේ විවාහය දක්වා දුර දිග ගිය බවද සඳහන් කරන්නේ සතුටිනි. ඇන්ඩර්සන් පවුළේ දේපලක් ලෙස පැවතුණු එම කතාවේ සිංහල පරිවර්තනය මෙයයි. -චින්තා මැදවල ඇන්ඩර්සන්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Warana - වරණ

Warana - වරණ

අනේ බොල පිස්සියෙ, ඌට නුවර යන්ට ඕනැම නං යන්ට දීපිය. ආයිත් ඒකිව මෙහෙ ගේන්ට මූට ඉඩක් ලැබෙන්නෑ. එහෙම..

Rs. 500.00

Gihin Enna Carnival - ගිහින් එන්න කානිවල්

Gihin Enna Carnival - ගිහින් එන්න කානිවල්

2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා)  හිමිවූ පොත.විකෘති වූ ආර්ථික භාවිතාවක් තුළ සමාජයක් සංස්කෘතිකව,..

Rs. 250.00

Thivatha - තිවත

Thivatha - තිවත

...ප්‍රකට ඉතිහාසය අපට නිර්මාණය කර දී ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාසයට..

Rs. 620.00

Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

Sithuwamen Nerapu Kindurek - සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග‍්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව ම..

Rs. 350.00