• Avi Bimaka Giniyama - අවි බිමක ගිනියම

1990 කොකාවිල් ප්‍රහාරය වූ කලී පසුගිය තිස් වසරක යුධ ඉතිහාසය තුළ සිදුවූ බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි. එවකට කොකාවිල් හි පිහිටි රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි සේවයේ නියුතුව සිටි 61 දෙනෙකු අතුරින් හමුදා භටයෝ 54 දෙනෙකු හා සිවිල් සේවකයෝ 4 දෙනෙකු එම ප්‍රහාරය හමුවේ තම ජීවිත පූජා කළ අතර තිදෙනෙකු පමණක් දිවි බේරා ගැනීමට සමත් වුහ. ප්‍රමාණවත් තරම් ආහාර පාන හෝ පතුරොම් නොමැතිව පුරා දින 26 ක් සතුරාට යටත් නොවුණු ඔවුන් කඳවුර අතහැර පලා ඒමට උපදෙස් ලැබී තිබියදීත් තුවාල ලත් සගයින් දමා යා නොහැකි බැවින් මියෙන තුරුම සටන් වැද තම ජීවිත රට වෙනුවෙන් පුදකළේය. ඉහත ක්‍රියාදාමයට නායකත්වය ලබාදුන් ලුතිනන් සාලිය අලදෙණිය පසුව කපිතාන් නිළයට උසස් කොට රණවිරුවෙකුට පිරි නමන ඉහලම සම්මානය වන “පරම වීර විභූෂණයෙන්” පවා පිදුම් ලැබුවේය. එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට එම සම්මානය හිමි කරගත් නිලධාරියා වන්නේද ඔහුය. 

නමුත්, අවාසනාවකට එවන් අභීත රණවිරුවෙකු පිළිබඳ මතකය වත්මන් සමාජය වෙතින් දුරස්ව ඇත. මව්බිම වෙනුවෙන් තම දිවි දෙවැනිකොට කැප වූ එකී අලදෙණිය ඇතුළු රණවිරුවන් පිළිබඳ සැබෑ මතකය මතු පරපුරට දායාද කරලීම යුතුකමක් සේම ජාතික වගකීමක් ලෙස සලකමි. පුරා වසර 03 කට ආසන්න කාලයක් සිදුකළ අඛණ්ඩ ගවේෂණයකින් අනතුරුව සත්‍ය හා විශ්වාසනීය තොරතුරු මත පදනම්ව මෙම ග්‍රන්ථය ලියන්නට මා උත්සුක වූයේ එබැවිනි. මෙම පොත ලිවීම සඳහා කොකාවිල් හා මාන්කුලම් ප්‍රහාරයට ඝෘජුව හා වක්‍රව සම්බන්ධ ආරක්‍ෂක අංශ වල පිරිස්, කපිතාන් අලදෙණිය ඇසුරු කළ සෙසු පුද්ගලයින් ඇතුළුව 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරය කරමින් පුද්ගලිකවම හමුවී සම්මුඛ පරික්‍ෂණයට භාජනය කොට ඇත. විශේෂයෙන්ම එකී සිදුවීම සිදුවූ මාන්කුලම් හා කොකාවිල් කඳවුරු පිහිටි ස්ථාන වෙත කිහිප වතාවක්ම ගොස් ගවේෂණ කටයුතු සිදුකරන ලද අතර මෙම සිදුවීමට සම්බන්ධ විදෙස් රට වල වෙසෙන පුද්ගලයින්ද අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගන්නා ලදී. එසේම එවකට පලවූ පුවත්පත් වාර්තා ගුවන් විදුලි හා රූපවාහිනි වැඩසටහන් ඇසුරින්ද තොරතුරු ලබාගෙන ඇත. 

මෙම කතාව දශක තුනක් පමණ එහාට දිවයන්නකි. ඊට සම්බන්ධ පුද්ගලයින් වැඩි දෙනෙකු අද වන විට වයස්ගතව ඇත. එබැවින් ඔවුන් තුළින් නිවැරදි මතක හාරා ඇවිස්සීම ඉතා අපහසු කටයුත්තකි. විශේෂයෙන්ම මෙම සිදුවීමට අදාල වැදගත් හා නිවැරදි සවිස්තරාත්මක තොරතුරු පොත පතක හෝ අන්තර්ජාලයේ නොමැති බැවින් ඒ සියල්ල පුද්ගලයින්ගේ මතක ඇවිස්සීමෙන්ම ලබාගත යුතුවිය. ඒ මතක සොයා පසුගිය තෙවසරක් තිස්සේ ශ්‍රි ලංකාව පුරා ගිය ගමන වෙනුවෙන් මා පසුකළ දුර කිලොමීටර් 15,000 කට වැඩිය. 

එසේම, එකතු කර ගත් මතක නිවැරදි අනුපිළිවෙලට ගලපා ගැනීම මා මුහුණ දුන් තවත් දුෂ්කරතාවයකි. විශේෂයෙන්ම සිද්දි සමුදායක් එකම මොහොතක සිදුව තිබූ අවස්ථා මෙම කතාව තුළ කොතෙකුත් තිබේ. එවැනි සිදුවීම් පාඨකයා තුළ පටලැවිල්ලක් ඇති නොවන ලෙස ලිවීමට මම බෙහෙවින් පරිස්සම් වුණෙමි. එම අභියෝගය මම කොතෙක් දුරට ජයගෙන ඇත්දැයි තීරණය කිරීම පාඨක ඔබට භාර කරමි. 

ඇතැම් බලවත් රටවල් පවා තවමත් ත්‍රස්තවාදයෙන් බැට කමින් තිබේ. නමුත් අප එම යුගය පසුකර දශකයකට ලංව ඇත. එසේම සාමයේ අගය හා නිදහසේ වටිනාකම මේ යැයි පසක් කරමින් මෙරට තුළ තිස්වසක් තිස්සේ ඇවිලුණු යුද ගිනි නිවීමට අප විරෝධාර හමුදාවෝ සමත් වුහ. නමුත් එකි සාමය හා නිදහස වූ කලි බන්දේසියක තබා පුදනු ලැබු හෝ නිරායාසයෙන් උරුම වූවක් නොවන්නකි. ඒ වෙනුවෙන් හෙලූ ලේ දහඩිය සේම කැපකළ ජිවිත වල වටිනාකම තක්සේරුකළ නොහැකිය. එබැවින් මතු පරපුරට එම යථාර්ථය අවබෝධ කරදීම සැමගේ වගකීමකි. 

පලවන හා දෙවන ලෝක යුද්ධ වලින් පසුවද ලෝකයේ පැවති වෙනත් ප්‍රධාන යුධ ගැටුම් අවසානයේද ඊට සම්බන්ධ වූ සෑම රටකම පාහේ යුධ සාහිත්‍යයක් ලියවි ඇත. පසුකාලීනව එම යුධ සාහිත්‍යය සිනමාව හරහාද මුළු ලොව පුරා ව්‍යාප්ත විය. ශ්‍රි ලංකාවේද 30 වසරක යුද්ධයක් අවසන්ව ඇත. අප එම සටන නිමා කළේ ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කළ විශිෂ්ඨතම හමුදාව ලෙස වූ අභිමානයද සමගිනි. නමුත් අවාසනාවකට අප රටෙහි එවැනි යුධ සාහිත්‍යයක් බිහිවී නොමැත. විටින් විට ඒ පිළිබඳ සමාජයේ කතිකාවක් ගොඩනැගුනද, ඒ සම්බන්ධව අතලොස්සක් පොත් ලියවුනද ඉන් යුධ සාහිත්‍යයක් මෙරට බිහි කිරීමට ප්‍රමාණවත් දායකත්වයක් ලැබී නොමැත.

30 වසරක් පුරා මෙරට පැවති යුද්ධයට සක්‍රීයව දායත්වය දැක්වු බොහෝ දෙනෙකු ගෙවී ගිය දශකය තුළ සේවයෙන් ඉවත්ව හෝ විශ්‍රාම ගොස් ඇත. ඉදිරි කාළ පරිච්ඡේදය තුළදීද තවදුරටත් එවැනි පිරිස් හමුදාවෙන් ඉවත් වීමට නියමිතය. තවත් දශක දෙකක් පමණ ගිය තැන යුධ හමුදාපතිගේ සිට අවසාන සෙබළා දක්වා කිසිදු යුද අත්දැකීමක් නොමැති පිරිසක් ශ්‍රි ලංකා යුද හමුදාව තුළ බිහිවනු ඇත. ඕනෑම රටක හමුදාවක ඇතිවිය හැකි සාමාන්‍ය තත්ත්වය එය බව සැබෑ මුත් යුද අත්දැකීම් යනු විශ්‍රාමය සමග රැගෙන යායුතු දෙයක් නොවේය. එය ඉදිරි රණවිරු පරපුර උදෙසා බෙදාදිය යුතු දෙයකි. අනාගත හමුදාවක අභිමානය රඳා පවතිනුයේ එකී අත්දැකීම් මතින් ලබන පන්නරය තුළිනි. එබැවින් තමන් සතු යුද අත්දැකීම් ලේඛණගත කිරීම එකී අත්දැකීම් සහිත සෑම තරාතිරමකම හමුදා සාමාජිකයින් සතු අත්හල නොහැකි වගකීමකි. 

අපට යුද්ධයේ නටඹුන් ඉතිරි කල නොහැක. කළහැක්කේ එකී අත්දැකීම් මතු පරපුරට දැනකියා ගන්නට ඉඩ හැරීමය. එය අද දිනයේ අපකවුරුන් හෝ කළ යුතුය. යුද්ධයේ අත්දැකීම් සහිත හැමෝටම කියන්නට කතාවක් ඇත. තිස් වසක් තිස්සේ රණබිම තුළ ඔවුන් ඇසු දුටු අත්දැකීම් එකී හදවත් වල තෙරපෙමින් කැකෑරෙමින් තිබේ. ඔවුන් විශ්‍රාම යාමට පෙර එකී කතා සමාජගත කිරීමේ වැදගත්කම මතු වන්නේ එබැවිනි. ගෙවුනු 27 ත් වසකට ආසන්න වූ කාලපරිච්ඡේදය පුරා මා යුධ හමුදාව තුළ අඛණ්ඩව සාහිත්‍යකරණයේ නියැලෙමින් නිහඩව පණ දුන්නේ එකි මෙහෙවරටය. 

- මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ - 


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්

Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්

තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුද..

Rs. 3,000.00

Adhishtanaya - අධිෂ්ඨානය

Adhishtanaya - අධිෂ්ඨානය

LTTE පරාජය - නාවික හමුදා භූමිකාව..

Rs. 1,200.00

Bankara Kurutu Gee - බංකර කුරුටු ගී

Bankara Kurutu Gee - බංකර කුරුටු ගී

කුංජන්...උඹ මැරුණොත්අපේ ඈයෝ සිනාවේවී...හරි සතුටින්...අපි මැරුනොත්උඹලගෙ අයඋඩ පැන පැනසතුටු වේවිඋඹත් නො..

Rs. 1,000.00

1990 Kokavil - 1990 කොකාවිල්

1990 Kokavil - 1990 කොකාවිල්

මා මළත් ඔබලා අතහැර නොයමි . ඔබලාට අවැසිනම්  බේරී පලා ගියාට වරදක් නැත. ..

Rs. 850.00

Maranaya Madin Mullaitivu Sita - මරණය මැදින් මුලතිව් සිට

Maranaya Madin Mullaitivu Sita - මරණය මැදින් මුලතිව් සිට

උදාවෙමින් තිබෙනුයේ මාරයාගේ හෝරාව බැවූ තුවාල ලැබූ දීසානායකටද ඉවෙන් මෙන් දැනුනේය. තමන් නිසා සෙසු සියලු..

Rs. 1,500.00

Major Sujith Chaminda Edirisinghe Book Bundle - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත පොත් කට්ටලය

Major Sujith Chaminda Edirisinghe Book Bundle - මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත පොත් කට්ටලය

මරණය මැදින් මුලතිව් සිට - 950/-අවි බිමක ගිනියම - 950/-..

Rs. 1,900.00

Uthura Ginigani - උතුර ගිනිගනී

Uthura Ginigani - උතුර ගිනිගනී

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයන්නට දෙමළ ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් එම ප්‍රශ්නය දෙස බැලීම ඉ..

Rs. 450.00

Avikarayinge Kavikara Liyawili - අවිකාරයින්ගේ කවිකාර ලියවිලි

Avikarayinge Kavikara Liyawili - අවිකාරයින්ගේ කවිකාර ලියවිලි

යුධ බිමේ කුරුටු  ගී සඳ දිය වැටී නළලන දුර බබළන්නේ ලෙංගතු සිනා මුව රහසක් පවසන්නේ නුඹවත් ඇවිත් තනි..

Rs. 1,000.00

Armouriya Seal - ආමරිය සීල්

Armouriya Seal - ආමරිය සීල්

ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැද ගනිමින් තිබිණ. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබුවන් පවා ඒ..

Rs. 1,500.00