• Simple Simon - සිම්පල් සයිමන්

“මේක එක්තරා ආකාරයක රඟපෑමක්. පොඩි වීදි නාට්‍යයක කොටසක්. ඒ වුණාට සංවේදී මිනිහෙකුට මේ විලාපය අහන් ඉන්න අමාරුයි. අපේ ඇස්වලින් කඳුළු කඩාවැටීම නතර කරගන්න අපහසුයි. ඊයේ පෙරේදා ඇහුණ බෙර සද්දෙට වඩා මේ විලාපය ගැඹුරුයි. ඇස් දෙක වහගෙන අහගෙන ඉන්නකොට මේ විලාපය ඇහෙන්නේ සමුද්‍ර ඝෝෂාව වගේ. එක වරම අඩි ගණන් උසට රළ නැඟෙනවා. ඒත් එක්කම ඒ රළ සමනය වෙනවා. මේ විලාපය ඇතුළේ තෝඩි, චාරුකේෂී, බන්දුරවාලි වගේ පපු කැවුත්ත හිරකරන අතිශය ශෝකී රාග ලක්ෂණ ඇහෙනවා. ” ( අර්වාන් – පිටුව 168 )


“තිණ්ඩිවනම් ගමේ සියල්ලෝ ම වෘත්තීය බෙර වාදකයින්. ඔවුන් ඉතා සංකීර්ණ තාල වාදනයට උපන් හපනුන්. මේ පිරිස කොත්තු කොටන්නේ තාලයට. මේ හැමෝට ම සුවිශේෂී ආරම්භක පදයක් තියෙනවා. තමන්ට ඕඩරයක් ලැබුණු විගස හොඳට අතට බරදාලා ඒ පදය රොටී තැටිය මත වාදනය කළා ම, අවට ඉන්න හැමෝ ම දැනගන්නවා ඔන්න අහවලාට බිස්නස් එකක් ඇවිත් කියලා. මේ කිසි කෙනෙක් තවත් කෙනෙක් අබිබවා තාල වාදනය කරන්නේ නැහැ. ඒ නිසා ම ඉතා අලංකාර ලෙස හඬ උස්පහත් කරමින් එකවර පහළොවක් විස්සක් කොත්තු කොටන මේ හරඹය හරියට ම සංධ්වනියක් වගේ ඇහෙන්නේ. “ (කොත්තු – පිටුව 131)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sari Andapu Pirimi - සාරි ඇඳපු පිරිමි

Sari Andapu Pirimi - සාරි ඇඳපු පිරිමි

සීතාලක්ෂ්මී මැද මළුවට එනවා.ඇගේ සිත ප්‍රමුදිතයි. පෙර දිනක මැද මළුවේ කුළමෙන් දිය දොවා ස්නානය කළ තම ස්ව..

Rs. 700.00