• Gahanu Nathiwa - ගැහැනු නැතිව

'වැල්වටාරම් නැතිව මං කෙටියෙන් කියන්නම්. මට පුළුවන් වුණා ඇයව ඉතා අමාරුවෙන් හොයාගන්න. ඈ අගේ මහත්තයයි දරුවයි දාලා ගිහින් වෙනත් මිනිහෙක් එක්ක දැන් ජීවත් වෙනවා.'
මම ගොළු වුණා. එක පාරට ම මට වටහා ගන්න බැරි වුණා ඔහුට මොනව වෙන්න ඇත්ද කියල. අන්තිමේ දි මට අහන්න පුළුවන් වුණා. 'ඔබ කියන්නෙ ඒ ගෑනි එයාගෙ ස්වාමිපුරුෂයයි, ටෝකයි දොස්තර මහත්තයයි දෙන්න ම දාලා ගියා කියල ද?'
'ඔව්.' ගොටෝ ඔරවලා කිව්ව.
'ඒ ගෑනිට තුන්වෙනි මිනිහෙක් හිටියා. මම ඒ හැම විස්තරයක් ම දන්නෙ නැහැ. නමුත් ඒ මිනිහා මේ ගෑනිට වඩා තරුණයි වගේ. මේක තනිකර ම මගේ අදහසක්. ඒ මිනිහ ඇවිල්ල ඔය කියන තරම් අගේ ඇති මිනිහෙක් නෙමෙයි කියල මට දැනුණා. ඈ ගෙදරින් ගිහිල්ල තිබුණෙ ඒ මිනිහත් එක්ක හොරෙන් පැනල යන්න. ටෝකයි දොස්තර මහත්තයා කළේ පහසු ගල් පඩිපෙළක් හැදුව එක මිසක් වෙන දෙයක් නෙවෙයි. ඈ ඔහුව පාවිච්චි කළා. ඔහු ඒ ගෑනිට ගොඩක් වියදම් කළ බවට සාක්ෂි තියෙනවා. මම නීතිඥයො සම්බන්ධ කරගත්තා. ඉන් පස්සෙ ඔවුන් පරීක්ෂා කළා ඔහුගෙ බැංකු ශේෂය සහ ක්රෙඩිට්පත් ගිණුම්. ඒකෙන් වැඩේ පැහැදිලි වුණා. සමහර විට ඔහු ඒ මුදල් සියල්ල වියදම් කරන්න ඇත්තෙ ඒ ගෑනිට වටිනා තෑගිභෝග ගන්න. එහෙම නැත්නම් ඔහු ඈට ණයට මුදල් දෙන්න ඇති. ඒ මුදල් වියදම් වුණේ කොහොමද කියල හරියටම දැනගන්න පැහැදිලි සාක්ෂියක් තිබුණෙ නැහැ, සහ තියෙන විස්තර පැහැදිලි නැහැ. නමුත් අපි දන්න එක ම දේ තමයි ඔහු සැලකිය යුතු මුදල් ප්රමාණයක් කෙටි කාලයක් තුළ ගත්ත කියන එක.'

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ

"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..

Rs. 2,200.00

Hiru Nagena Rate Pem Puwathak - හිරු නැඟෙන රටේ පෙම් පුවතක්

Hiru Nagena Rate Pem Puwathak - හිරු නැඟෙන රටේ පෙම් පුවතක්

ඇය හඩනවා මම දුටිමි.නමුත් එය දැනගන්නට කළින්ම මම ඇය සිප වැළද ගත්තෙමි. වේදිකාවේ බොහෝ දෙනා අප දෙස බලා..

Rs. 790.00

Ikigai Deeghayu Labeeme Japan Kramaya - ඉකිගායි දීඝායු ලැබීමේ ජපන් ක්‍රමය

Ikigai Deeghayu Labeeme Japan Kramaya - ඉකිගායි දීඝායු ලැබීමේ ජපන් ක්‍රමය

ඉ කි ගා යි(දීඝායු ලැබීමේ ජපන් ක‍්‍රමය)පරිවර්තනය - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධනමිතුදම් නංවා ගැනීම, සරල..

Rs. 650.00

Hora Polkichcha - හොර පොල්කිච්චා

Hora Polkichcha - හොර පොල්කිච්චා

ටෝරු ඔකාඩාගේ පූසා අතුරුදහන් වීලාය. ඔහුගේ බිරිඳ ද දිනෙන් දින ඈත් වන සැටියකි. දුරකථන පණිවුඩ අරුම පුදුම..

Rs. 900.00