Sirinalee Nawarathna - සිරිනාලී නවරත්න

Sirinalee Nawarathna - සිරිනාලී නවරත්න

වයඹ භූමියේ සඳලංකාව නැමති කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් සුන්දර ගම් පියසේ ජන්ම ලාබය ලැබූ නයෝමි සිරිනාලි නවරත්න ප්‍රථම වෘර්තිය ඇරඹුවේ පරිගණක ගුරුවරියක් ලෙසිනි. ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධ පන්නල පුහුණු මධ්‍යස්තානයේ සහ සඳලංකා ජාතික පාසැලේ දස වසරක සේවයෙන් ඉක්බිති  විදෙස්ගත වූ ඇග් කලා  නිර්මාණ මුහුණු පොත හරහා අපට රස විදිය හැක.

2016 වසරේ  - සිහින තුළ මුත් අමුතු රස ඇති- නමින් තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය නිකුත් කරන සිරිනාලි මින් පෙර  "කාව්‍යාංජලී" සහ "නිලවර පියස" නමින් කාව්‍ය සංග්‍රහ දෙකක් සිංහල සඳස් කවි සම්මේලනය වෙනුවෙන් සංස්කරණය කොට ඇත.

එමෙන්ම ඇය ප්‍රතිභාපූර්ණ ගීත රචිකාවියකි. ලාංකික ස්වභාවිත ගීත කලාව වෙනුවෙන් ද ඇගෙන් සිදුවන මෙහෙවර ප්‍රසංසනීයය.


Sihina Thula Muth Amuthu Rasa Athi - සිහින තුළ මුත් අමුතු රස ඇති

Sihina Thula Muth Amuthu Rasa Athi - සිහින තුළ මුත් අමුතු රස ඇති

සිරිනාලී නවරත්නගේ පළමු කාව්‍ය සංග්‍රහය.වසන්තෙට පිපි සුවඳ මල්වල පාට දේදුනු මිහිර මතකද ? නෙලා නොම ගත් ..

Available

Rs. 250.00

Showing 1 to 1 of 1 (1 Pages)