“එය මීට පෙර කවදාවත් සිදු වූ දෙයක් නොවේ.”
අවසානයේ ජහන්ගිර් පැවසුවේ ය. සැබෑ ය; එය මීට පෙර එසේ වී නොමැත. ඔහුගේ සෙනානා හි කාන්තාවෝ, ඔහුට ඔවුන්ගේ ඇති ඥාතිත්වය කුමක් වුවත් සෑම විටම අන්තඃපුරයේ ගඩොල් බිත්ති පිටුපස රැඳී සිටියහ. ඔවුන් ඇහුම්කන් දුන්නේ පිටත සිට ය; ඔවුන් නියෝගයන් කළේ ද ආවතේවකරුවන්, දාසියන් හෝ පණ්ඩකයින් මගිනි; ඇහුම්කන් දුන්නේ ද, ඔහු ඔවුන්ට අවශ්‍ය දෙයක් කළ විටෙක පමණි.
“කුමක් හෙයින්ද ඔබට මෙය අවශ්‍ය?”
“කුමක් හෙයින්ද අවශ්‍ය නොවන්නේ?”ඇය ඊට පිළිතුරු වශයෙන් ප්‍රශ්නයක් ම ඇසුවා ය.
අධිරාජයා මන්දස්මිතයක් පෑවේ ය.
“මට පෙනෙනවා ඔබ මා අසීරුවට පත්කරන්නට යන බව මෙහෙරුනිසා... බලන්න...” ඔහු දෑස් ඔසවා අහස දෙස බැලුවේ ය. ඇය ඔහුගේ බැල්ම අනුගමනය කළා ය.
“ඔබ හිතනවා ද වර්ෂාව ලැබෙයි කියලා?”
“එසේ වුවහොත්...” ඇය මඳ විරාමයක් තැබුවා ය. "එසේ වුවහොත් මට හෙට ජරෝකාවට පැමිණිය හැකිද?”
දැන් වලාකුළු ඔවුන්ගේ හිසට ඉහළින් අහස ආවරණය කර තිබිණි. කුමන මොහොතක හෝ ආග්‍රා නගරයට වැසි බින්දු කඩාවැටිය හැකි බව පෙනෙන තරමට ඒවා වැහිබර විය. ඒ හා ම හමා යන සුළඟක් සූර්ය දිව්‍ය රාජයාට ඔහුගේ මංගල රථය පැදවීමට නැවත මාර්ගය හෙළි කරමින් ඒවා රැගෙන යාමට ද බොහෝ විට ඉඩ ඇත. මෙහෙරුනිසා මෝසම් වැස්සට විධාන දෙමින්
සිටියා ය. ඇය තනිවම සිනාසුණා ය. එය විය නොහැකිද? පළමුව පණ්ඩකයින්; මේ මොහොතේ රාත්‍රී අහස.
“ඔබේ දෙනෙත් පියාගන්න.” ඔහු පැවසුවේ ය.
ඇය එසේ කළා ය. ඔහුගේ දෙනෙත් ද පියාගෙන ඇගේ සුවඳ හඹා යමින් ජහන්ගිර් ඇගේ ගෙල මුලට නැඹුරු වූයේ ය.
ඇය සිය කෙහෙරැලි ඔවුන් වටා ඔතා ගත්තා ය. ඇය දෑස් විවර නොකර ම ඔහුගේ උණුසුම් සුසුම් විඳිමින් සිටියා ය; ඇගේ කෙස් රොදක් ඉවත් කර උරතලයට වැටෙන්නට හරිමින් දහඩිය රේඛාවක් රස බලන ඔහුගේ ආලිඞ්ගනයේ පහස විඳිමින් සිටියා ය; ඔහුගේ රළු ඇඟිලි තුඩු පියයුරු දෙපස දැවටෙද්දී පොපියමින් සැලුණා ය... ඔවුහු යළි වදනකුදු නොබිණූහ.
ඉනික්බිති, ඔවුහු නින්දට වන්හ...”
(පිටු අංක 26, 27 - නූර් ජහාන් 1)
Nur Jahan 1 - නූර් ජහාන් 1
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- - Indu Sundaresan - ඉන්දු සුන්දරේසන්
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737451
- Availability: Available
-
Rs. 1,850.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Meherunnisa The Twentieth Wife - මෙහෙරුනීසා ද ට්වෙන්ටියත් වයිෆ්
ස්ත්‍රීන් අතර සූර්යා බඳු තැනැත්තිය යන අර්ථයෙන් යුතු මෙහෙරුනීසා යන නම දැරූ ඇය , සලීම් කුමරු එසේත් න..
Rs. 1,100.00
Nur Jahan 2 - නූර් ජහාන් 2
“... රාජකීය මුළුතැන්ගෙවල අධිරාජිනිය වෙනුවෙන් අණ ලත් කෝකියෝ පහළොස් දෙනෙක් වූහ. ඔවුහු අසල පිහිටි මස්මඩ..
Rs. 1,700.00
Gift Pack 7
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 6,600.00
Nur Jahan 1 and Nur Jahan 2 Bundle Offer
Discounted Price - 3250 Only + FREE DELIVERYUse the Code N1N2BO for FREE DELIVERY “....
Rs. 3,250.00





